අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ,කිංසි පාරේ නව රථවාහන සැලැස්ම

    පෙබරවාරි 18, 2019

    සතියේ සෑම දිනකම හෝර්ටන් පෙදෙස කිංසි පාර හංදියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා උදෑසන පැය 7.30 සිට 8.00 දක්වා එක් දිශාවකට පමණක් වාහන ගමන් කරවීමට කටයුතු කර ඇතැයි පොලීසිය පවසයි.

    එහෙත් ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹට ඇතුළුවන වාහන වැඩිපුර කොළඹ දෙසට ලබා ගැනීම සහ මාර්ග තදබදය අඩු කිරීම සඳහා 2019-02-18 වන අද දින සිට සතියේ සෑම දිනකම හෝර්ටන් පෙදෙස කිංසිපාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා පැය 7.00 සිට 8.00ම්දක්වා එක් දිශාවකට වාහන ගමන් කරවීමට කටයුතු සූදානම් කර ඇත.

    කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් කරන වාහන මරදාන බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඩ් පෙදෙස දෙසට ගමන් කරවීමට කටයුතු කළ හැකි බවද දක්වා සිටින බව නියෝජ්‍ය පොලිස්පති ( රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව දිසාව ) අජිත් රෝහණ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya