අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 17, 2019

     “හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදු විය.

    හදට හදක් භාරකාර අරමුදල හදවත් රෝගවලට ගොදුරු වී සිටින, එම සැත්කම් සඳහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇත.

    ශ්‍රී ලංකාව හෘදය රෝග අවම රටක් බවට පත්කිරිම මෙම අරමුදලේ අරමුණ වන අතර හෘදය රෝග චිකිත්සක සේවාව දියුණු කොට එහි ගුණාත්මක බව ඉහළ නැංවීම තවත් අරමුණකි.

    හදට හදක් අරමුදල පිළිබඳ තොරතුරු පහසුවෙන් දැනගැනීම සඳහා මෙම වෙබ් අඩවිය බෙහෙවින් උපකාරී වන අතර මෙම අරමුදලේ ආධාර හෘදය රෝගින්ට ලබාගැනීම අයදුම් කිරීමේ පහසුකම ද ඉදිරියේ දී මෙම වෙබ් අඩවිය මගින් සැලසෙනු ඇත.

    නව වෙබ් අඩවිය විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව පැවති උත්සව සභාව අමතමින් කියා සිටියේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ දැකිය හැකි පරිත්‍යාගශීලිභාවය ලෝකයේ ධනවත් බොහෝ බටහිර රටවල ජනතාව පුදුමයට පත් කර තිබෙන බවයි.

    අභිමානවත් ඉතිහාසය සහ සංස්කෘතිය සමග පෝෂණය වූ එම මානුෂීය ගුණාංග කිසිදු රටක සංස්කෘතියකට සම කළ නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙවැනි උතුම් සේවාවන් සමග ජාති, ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකීය සියලු පරිත්‍යාගශීලි ජනතාව අත්වැල් බැඳගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    එමෙන්ම හදට හදක් ව්‍යාපෘතිය ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා සිය සතුට පළ කළේය.

    හදට හදක් ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාශීලින් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලද පරිත්‍යාග මෙහි දී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත භාරදීම සිදු විය.

    වෛද්‍ය අතුල කහඳලියනගේ, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, විශේෂඥ වෛද්‍ය රාජිත ද සිල්වා යන මහත්වරුන් ද හදට හදක් භාරකාර අරමුදලේ ජාතික සංවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස්, ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ එච්.එම්.බී. වික්‍රමනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් වේරවත්ත යන මහත්වරුන් ද, විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya