අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනයෙහිලා සේවා සපයන පාර්ශ්ව කරුවන් දැනුවත් කරයි

    පෙබරවාරි 16, 2019

    ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමෙහිලා සේවා සපයන පාර්ශ්ව කරුවන් සඳහා වූ එක් දින වැඩමුළුවක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ආබාධ සහිත පුද්ගලයින් ද අප සමාජයේ කොටස් කරුවන් වේ. සමාජයේ ඕනෑම තරාතිරමක කෙනෙකුට වුවද ආබාධ සහිත බවට මුහුණ දීමට සිදුවිය හැකි ය. ආබාධ සහිත පුද්ගලයින් බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොව ඔවුන්ට හිමි අයිතියවාසිකම් හා ගෞරවයයි. එම නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ඔවුන්ට හිමි වරප්‍රසාද ලබාදීම දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයතන හා රටේ පුරවැසියන් වන සියලු දෙනාගේ ම වගකීමක් වන බව මෙහි දී අවධාරණය කෙරිණි.


    මෙම වැඩසටහන දේශන මගින් දැනුවත් කිරීම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා විවාදයකින් ද සමන්විත විය. වැඩසටහන මෙහෙයවීම හා දැනුවත් කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සමාජසේවා අංශ ප්‍රධානී, දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී එස්.ඩබ්.ඒ.අමරසේන මහතා, ආබාධ සහිත ප්‍රද්ගලයින්ගේ පුනරුත්ථාපන කටයුතු සිදු කරන නවජීවන ආයතනයේ වැඩසඩහන් කළමණාකාරිනී නන්දනී ගමගේ මහත්මිය හා ප්‍රජා මූලික පුනරුත්ථාපන සම්බන්ධීකරණ නිලධාරී ක්‍රිෂාන්ති වගසිංහ මහත්මිය සිදු කරන ලදි.


    මේ අවස්ථාවට ආබාධ සහිත පුද්ගලයින්ගේ සමිති සමාගම්වල නියෝජිතයින්, ඔවුන් වෙනුවෙන් සේවා සපයන රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය ඇතුළු සියයකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ. තංගල්ල නවජීවන ආයතනයේ අනුග්‍රහයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශය වැඩසටහන සංවිධානය කරන ලදි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya