අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව මාතර හා ගාල්ලේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    පෙබරවාරි 16, 2019

    රජයේ සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සංවේදීකරණ වැඩසටහනක් ඊයේ දින (15) මාතර - පීක්වැල්ල ගඟ අද්දර හෝටලයේ දී පැවැත්විණි.

    මෙහි දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් නීතිඥ එස්.කේ.ලියනගේ මහතා විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය හා සම්බන්ධ විධි නියෝග හා ක්‍රියාවලිය පිළිබඳව ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා උතුරු නැගෙනහිර තරුණ තරුණියන් 4000 ක් සිවිල් ආරක්ෂක බලකායට බඳවා ගැනීම සඳහා කටයුතු කළ ලුතිතන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා විසින් වින්දිතයන්ගේ ආවර්ජනය සහ සංහිඳියාව පිළිබඳව ද, අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධිත සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ (වැ.බ) රෂී ප්‍රනාන්දු මහතා විසින් සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳව ද මාතර හා ගාල්ල දිස්ත්‍රික් නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදි.

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් ඇතුළු මාතර හා ගාල්ල දිස්ත්‍රික් නියෝජනය කරන 100 ට අධික රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වී සිටියහ. 

    මාතර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධිත සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණකාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලදි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya