අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 15, 2019

    ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන සමුළු මාලාවේ පියවරක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව  14 දා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාරිසරික වාර්තාව දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එහිදි පරිසර සමුළුව මුල්කරගෙන පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා පරිසර හිතකාමී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකුට සංකේතවත් ලෙස පළතුරු පැළ බෙදාදීමක්ද සිදුකළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන පී.හැරිසන්, වන්ද්‍රාණි බණ්ඩාර, නියෝජ්‍ය ඇමති අජිත් මානප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක,උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් හා පරිසර පොලිසියේ නිලධාරීන්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya