අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    164 වන නව ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට

    පෙබරවාරි 15, 2019

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස - සූරියපොකුණ ඉදි වු ''සදාසෙත්ගම'' 164 නව ආදර් ශ ගම්මානය අද (15) පෙ.ව 11.00 ට ජනතා අයිතියට පත් කිරිම,නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිත ය.

     නව නිවාස 51ක්, ජල හා විදුලිය පහසුකම්,අභ්‍යන්තර මාර්ග පහසුකම්, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු ම යටිතල පහසුකම් වලින් සමන්විත මෙම ගම්මානය ජාතික නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ''ගම්උදාව'' සංකල්පය යටතේ  ඉදි කෙරිණි.

    මේ යටතේ,පවුල් 51කට නිවාස හිමි වන අතර ,සංවර්ධිත බිමි කොටස් 51ක හිමිකම් ලබාදීම(වටිනාකම රු.ලක්ෂ 510),ප්‍රතිලාභීන් 350ක් සඳහා''විසිරි ණය''චෙක්පත් ප්‍රදානය(වටිනාකම රු.ලක්ෂ 700) ප්‍රතිලාභින් 100ක් සදහා “සොඳුරු පියස''; නිවාස ණය ප්‍රදානය (වටිනාකම රු.ලක්ෂ 200),ප්‍රතිලාභීන් සඳහා ''විරු සුමිතුරු''නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය(වටිනාකම රු.ලක්ෂ 52) ප්‍රතිලාභීන් සඳහා මහන මැෂින් ප්‍රදානය,ප්‍රතිලාභින් සඳහා ආර්.ඩී.බී. බැංකුව මඟින් ස්වයං රැකියා ණය ප්‍රදානය,දෘෂ්ථි ආබාධ සහිත වුවන් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය,වකුගඩු රෝගී සායනය හා දේශිය වෛද්‍ය සායනය ආදි සේවාවන් රැසක් හා පහසුකම් රැසක් මෙගින් සිදු කිරිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya