අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ නිල සෙවණ කාර්යාල තුනක් ජනතා අයිතියට

    පෙබරවාරි 14, 2019

    මහනුවර දිස්ත්‍රික්කයේ තවත් නිල සෙවණ කාර්යාල තුනක් හෙට (15) වැනි දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යාලේගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඉදි කොට ඇති මෙම නිල සෙවණ කාර්යාල විවෘත කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා විසින් සිදු කෙරෙනු ඇත.

    නිල සෙවණ කාර්යාල ක්‍රමය රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සදහා වත්මන් රජය මගින් දියත් කර ඇති වැඩසටහනකි. ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරී යන නිලධාරීන් සිව්දෙනාගේම සේවය එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම කාර්යාල ඉදි කොට ඇති අතර, ඒ තුළින් ජනතාවට තම රාජකාරී අවශ්‍යතා වඩාත් පහසුවෙන් ඉටු කර ගැනීමේ හැකියාව ලැබේ.

    මහනුවර දිස්ත්‍රික්කය තුළ නිල සෙවණ කාර්යල 70 ක් ඉදි කිරීම සදහා රජය මගින් මුදල් වෙන් කොට ඇති අතර, එයින් නිල සෙවණ කාර්යාල 25 ක් මේ වන විට ඉදි කොට අවසන්කර ඇත. උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඉදි කරන ලද මෙම කාර්යාල තුනත් සමග මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදි වී ඇති නිල සෙවණ කාර්යාල ප්‍රමාණය 28 කි. එක් නිල සෙවණ කාර්යාලයක් සදහා රජය මගින් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වෙන් කොට ඇත.


    2019.02.15 වැනි දින ප.ව. 2.00 ට මෙම කාර්යාල විවෘත කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ද මේ සදහා සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya