අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙසතිය පාසල් ජන මාධ්‍ය වැඩමුළුව හෙට (15) හම්බන්තොට දි

    පෙබරවාරි 14, 2019

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන දෙසතිය පාසල් ජනමාධ්‍ය වැඩමුළු මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් පළමු වැඩසටහන හෙට (15) සූරිය වැව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

    මෙම වැඩමුළුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රධානත්වයෙන් හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී. ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    මෙම වැඩමුළුව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරිය වැව ජාතික පාසල, විහාරගල මහා විද්‍යාලය, නමඩගස්වැව මහා විද්‍යාලය, වීරියගම මහා විද්‍යාලය, විහාරගල 550 මහා විද්‍යාලය, මීගහජදුර මහා විද්‍යාලය හා තැලවිල්ල විද්‍යාලෝක මහා විද්‍යාලය යන පාසල් වලින් සිසු දරු දරියන් සහභාගී වීමට නියමිත ය.

    ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය ක්‍රියාකාරීත්වය හා මාධ්‍යතුළින් ඉටු විය යුතු සමාඅජ මෙහෙවර යන මාතෘකාව යටතේ රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දන මිල්ලගල මහතා සහ පාඨකයන්ට බලපෑම් කිරීමේ දී ලිඛිත මාධ්‍යයේ ප්‍රබලත්වය යන මාතෘකාව යටතේ රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රසාද් මල්ලව ආරච්චි මහතා වැඩමුළුවේ දේශන පැවැත්වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya