අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර ආගමික සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා   

    පෙබරවාරි 14, 2019

    මියන්මාරයේ 71 වන නිදහස් දින හා 72 වන සංවත්සර දින සැමරුම් උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ( 12) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.


    එහිදී අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ සදහන් කළාය.


    මියන්මාරයේ 71 වන නිදහස් දින හා 72 වන සංවත්සර දින සැමරුම් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ ශ්‍රී ලංකා ජන රජයේ සුභ පැතුම් එක් කරන බව කිව යුතුයි .ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ආගමික සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. විශේෂයෙන් ථෙරවාදී බුදු සසුන මෙරට තුළ පෝෂණය වීමේදී මියන්මාරය විශාල දායකත්වයක් ලබා දී තිබෙන බව සදහන් කළ යුතුයි.ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන බෞද්ධ නිකායන් දෙකක් වන අමරපුර මහා නිකාය හා රාමඤ්ඤ නිකාය මෙරට තුළ ස්ථාපිත කිරීමේදි මියන්මාර් දේශයෙන් ලද ආගමික සහයෝගය මෙහිදී සිහිපත් කළ යුතුයි.1949 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය වුණා.මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික සම්බන්ධතාවලටත් ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින බව සඳහන් කළ යුතුයි.මියන්මාරයේ භික්ෂුන් වහන්සේලා ථේරවාදී බෞද්ධ ඉගැන්වීම් පිළිබදව අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙන්ම පාලි සහ සංස්කෘත යන භාෂාවන් ඉගෙන ගැනීමට මෙරට උසස් අධ්‍යාපන ආයතන වලට සහ විශ්ව විද්‍යාලවලට පැමිණෙනවා. අපේ රටේ භික්ෂුන් වහන්සේලා ද පාලි සංස්කෘත භාෂාවන් පිළිබදව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මියන්මාරයේ උසස් අධ්‍යාපන ආයතන සඳහා මෙන්ම විශ්ව විද්‍යාල සඳහා යොමු වන බව සඳහන් කළ යුතුයි. 

     

    ශ්‍රී ලංකාව සහ මියන්මාර් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය 2016 වසරේදි ආරම්භ වුණා.ඒත් සමඟම දෙරට අතර සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු වුණා.මියන්මාරය සහ ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරන රටවල් දෙකක් ලෙස සහයෝගයෙන් කටයුතු කරනවා. මියන්මාරයේ 71 වන නිදහස් දින හා 72 වන සංවත්සර දින සැමරුම් උත්සවය වෙනුවෙන් මියන්මාර් ජනාධිපති අතිගරු යු වින් මින්ට් (u WIN Myint) මැතිතුමා ඇතුළු මියන්මාර් ජනතාව සුභ පැතුම් එක් කරනවා .ඒ වගේම මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු විය යුතුයි .ඒ වගේම මියන්මාර් නිදහස් දිනය සහ සංවත්සර සැමරුම් දිනය වෙනුවෙන් සාමය සමෘද්ධිය මියන්මාරයට ප්‍රාර්ථනා කරන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති හන් තූ මහත්වරුන් ඇතුළු තානාපති නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya