අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අහිතකර තේ නිපදවන කම්හල් තහනම් කරන බව වැවිලි ඇමති කියයි

    පෙබරවාරි 14, 2019

    තේ වලට සිනි, සයි ඇතුළු අහිතකර විවිධ දේවල් මිශ්‍ර කොට තේ නිපදවන කම්හල් හා එම්.සී.පී. ඒ නම් හානිකර වල්නාශක යොදා වගා කරන තේ වලින් ලැබෙන ද‍ළු වලින් තේ නිපදවන කම්හල් තහනම් කොට වසා දමන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

    ශ්‍රි ලංකා තේවල උසස් ගුණාත්මකභාවය ආරක්ෂා කිරිම සඳහා බව පියවර ගන්නා බව ශ්‍රි ලංකා තේ මණ්ඩලය ශ්‍රවණාගාරයේ දී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදි ඇමතිවරයා කිය.

     

    ශ්‍රි ලංකාවෙන් ''සිලෝන් ටි'' නමින් අපනයනය කරන තේ වල එම්.සී.පී.ඒ රසායනය මිශ්‍ර බවට ජපානයෙන් පැමිණිළි ලැබි තිබෙනවා. මෙ අපේ තේ වෙළෙඳ පොළට බලවත් තර්ජනයක්.ඒ නිසා තේ පර්යේෂණ ආයතනය මඟින් අපනයන තේ සඳහා ප්‍රමිතියක් සකස් කරගෙන යනවා.එම ප්‍රමිතියට අඩු තේ අපනයනයට අවසර නොදෙන අතර එවැනි තේ නිපදන වන කම්හල් ද තහනම් කිරිමට බලාපොරොත්තු වෙනවා.

    එසේම සමහර තේ නිෂ්පාදකයින් ක්ෂණිකව වැඩි ලාභ ලැබෙන අරමුණින් තේ වලට විවිධ වර්ණ ,සීනි ආදි අහිතකර දේවල් මිශ්‍ර කරනවා.මෙයින් ශ්‍රි ලංකාවේ කීර් තී නාමයට විශාල හානියක් සිදුවෙනවා.

    මෙයින් අහිතකර තේ නිපදවන කම්හල් 200ක් පමණ 2018 වර්ෂයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව තේ මණ්ඩලය විසින් වටලා නිතිමය පියවර ගත් පව ද නවින් දිසානායක මහතා වැඩිදුරටත් කිය.

    ශ්‍රි ලංකාව තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේව්රධන මහතා මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ශ්‍රි ලංකා තේවලට හොඳ මිලක් ලැබෙන බව පැවැසිය.

    එක්සත් ජනපදයට යවන තේ කිලෝවකට රුපියල් 1061 ක් ද සවුදි අරාබියට යවන තේ කිලෝවකට රුපියල් 1052 ක් ද ජෝර්දානයට යවන තේ වලට කිලෝවකට රුපියල් 921 ක් ද ලැබෙන අතර අපනයන තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 600 ඉක්ම වන බව ද සභාපතිවරයා කිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya