අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරුවන්ට රජයෙන් දිනකට රුපියල් 50ක දීමනාවක්

    පෙබරවාරි 13, 2019

    තේ වතු සේවක වැටුප් සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති හා හාම් පුතුන්ගේ සංගමය අතර ඇති කරගෙන තිබෙන සාමූහික ගිවිසුමෙන් වැඩි කරන ලද වැටුපට අමතරව එක් සේවකයෙකුට දිනකට රුපියල් 50 බැගින් වන දීමනාවක් වසරක කාලයක් සඳහා රජය මඟින් ලබා දෙන බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා කියයි.

    මෙය ලබන මාසයේ ඉදිරිපත් කෙරෙන රජයේ අය වැය යෝජනාවක් වශයෙන් ක්‍රියාත්මක කරන බවත්, 140,000ක් පමණ වන වතු සේවකයින්ට මෙම දීමනාව ගෙවීම සඳහා රජයට රුපියල් කෝටි 120 ක මුදලක් වැය වන බවත් අමාත්‍යවරයා පැවසුවේ, රජයේ තේ මණ්ඩල ශ්‍රවණාගාරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදීය.

    වතු සේවක දීමනාව සඳහා වැය වන මුදල තේ මණ්ඩලයේ අරමුදල්වලින් භාණ්ඩාගාරයට ණයක් වශයෙන් ලබා දෙනු ඇත. වතු සේවකයින්ට රුපියල් 50 ක දීමනාව ගෙවීමට තීරණය කළේ, වතුකරයේ නායකයින් වන පලනි දිගම් බරම්, මනෝ ගනේෂන් හා වී.රාජක්‍රිෂ්ණන් යන ඇමතිවරුන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා තමා අද (13) උදේ පැවැත්වූ සාකච්ඡාවකදී ඇතිකරගත් එකඟතාවයක් අනුව බවද නවීන් දිසානායක මහතා කීය. මෙම තීරණය යෝජනාවක් වශයෙන් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

    සාමූහික ගිවිසුම අනුව වතු සේවකයින් දිනකට ලැබෙන්නේ රුපියල් 750ක මුදලකි. මෙය රුපියල් 50ක් එකතු වූ විට එය රුපියල් 800ක් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya