අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරසවි වරම් අහිමි සිසුන්ට උපාධියක් ගන්න පොලී රහිත ණයක් - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

    පෙබරවාරි 13, 2019

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  - 2017 විභාගය සමත් එහෙත් සරසවි වරම් අහිමි සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණය ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරයි.

    ඒ අනුව සිසුන් 5000 කට උපරිම රුපියල් ලක්ෂ 8ක් දක්වා ණයක් ලබා දෙන අතර එම මුදලින් උපාධිය හදාරා රැකියාවක් කරනවිට ණය ගෙවීමට හැකි බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

    මානව හා සමාජ විද්‍යාව ,වාණිජ විද්‍යාව, ජීව විද්‍යාව,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන විෂය ධාරාවන්ට අදාල උපාධි පාඨමාලා සිසුන්ට තෝරා ගත හැකි අතර ඒ වෙනුවෙන් මෙම ණය ඉල්ලුම් කළ හැකි බවද එම අමාත්‍යාංශය කියයි.

    මෙම ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක කරන අතර සිසුවෙකුට වසර තුනක හෝ හතරක හෝ උපාධි පාඨමාලාවක් හදාරා නිමවූ පසුව වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන්පසු රැකියාවක් ලබා ණය ගෙවාදැමිය හැකි බවද එම අමාත්‍යාංශ කියයි.

    වසර හතරක උපාධි පාඨමාලාවක් සඳහා නිකුත් කරන ණය සමාන වාරික 84න්ද වසර 3ක උපාධි පාඨමාලාවක් සඳහා නිකුත් කරන ණය සමඟ වාරික 96කින් ගෙවා නිම කිරීමට ණය ඉල්ලුම්කරුවෝ බැඳි සිටින බව අමාත්‍යාංශය කියයි.

    රුපියල් ලක්ෂ 8 කට වැඩි උපාධි පාඨමාලා වලට ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඉතිරි මුදල ශිෂ්‍යත්වයක් ලෙස පිරිනැමීමටද එම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තීරණය කර තිබේ.

    වැඩි විස්තර www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya