අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම කඩිනමින්” - සුව ඇමැති

    පෙබරවාරි 13, 2019

    විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    නිල නිවාස ඉදිකිරීම ආරම්භ කර මාස 06 කින් ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත්, වෛද්‍යවරුන්ට අර්ධ සුඛෝපභෝගි නිල නිවසක් හිමි වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාලව ඒරාවූර් මුලික රෝහලේ සහ සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාටටු සංකීර්ණ සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

     

    එරාවූර් මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණය සදහා රුපියල් මිලියන 234 ක් ද, සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණය සදහා රුපියල් මිලියන 300 ක් ද  වැය කිරීමට නියමිතය.

    මෙම උත්සව වල දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වෛද්‍යවරුන් සදහා ඉදිකරන නිල නිවාස වසර 15 කට පසු යළි රජයට පවරා ගන්නවා. හෙද සේවයට අවශ්‍ය නිල නිවාස ඉදිකිරීම ද විදේශ ආයෝජනයක් මත ආරම්භ කරනවා. ඒ සදහා අවශ්‍ය මූලික සැළසුම් සකස් කර අවසන්. ඉන් පසු අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සදහා ද නිල නිවාස ඉදිකරනවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර වැඩි කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙනවා. 2015 වසරේ දී රජය බලයට පත් වන විට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 228 ක් තිබූ අතර, 2018 වසර අවසන් වන විට එම සංඛ්‍යාව 500 දක්වා වැඩි වී තිබෙනවා. ජර්මනියෙන් තවත් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර නොමිලේ ලබාදීමට ද නියමිතයි. එහිදී සේවකයින්ට පුහුණුවක් ද ලබාදෙනවා. 2019 වසර අවසන් වන විට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 1000 ක් දක්වා වැඩිකිරීම මගේ අරමුණයි''යැයි අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya