අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතියෙන් තොර ලාබ හෙල්මට් ගෙන්වීමට ඉඩ නෑ- අමාත්‍ය අර්ජුන රණතුංග

    පෙබරවාරි 12, 2019

    ප්‍රමිතියෙන් තොර ලාබ හෙල්මට් ගෙන්වීමට ඉඩ ලබා නොදෙන බවත් ඉදිරියෙදි නව තාක්ෂණික ක්‍රමවේදයන්ට සැකසුනු හොද තත්වයේ හෙල්මට් එකක් ලංකාවේ වෙළදපොලට හඳුන්වා දීමට බලාපොරාත්තු වන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ මෝටර් සයිකල් අනතුරුයි. මෝටර් සයිකල් අනතුරු වලින් එසේ සිදුවෙන්නේ පැදිකරුවන්ගේ නොසැලකිලිමත්භාවය හා ප්‍රමිතියෙන් තොර හෙල්මට් භාවිතය නිසයි. මේ පිළිබදව ඊයේ (11) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකියන් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියේ ය.

     

    “කිසිම ප්‍රමිතියකින් හෝ ක්‍රමවේදයක් නැතිව මේ හෙල්මට් ගෙන්වනවා. මේවා ලාබෙට ලැබෙන නිසා ගෙන්වනවා.ඒත් ඒවගේ අඩුපාඩු රැසක් තියෙනවා. එක්කෝ පටිය නැහැ. නැත්නම් ලොක් වෙන්නේ නැහැ. අපි ඉදිරියේදි බලනවා ඒකම ස්ථාවරයක් තුළ, එකම ප්‍රමිතියක් තියෙන හෙල්මට් විතරක් ගෙන්වන්න. කාලයක් මුහුණු සම්පුර්ණයෙන් වැහෙන හෙල්මට් එකක් තිබුනා.නමුත් යුද්ධ කාලේදි ආවාසනාවකට වගේ ඒක නීතියෙන් ඉවත් කරන්න සිදුවුනා. නමුත් ඉන්පසුව ප්‍රමිතියෙන් බාල හෙල්මට් භාවිතය නිසා යතුරුපැදි මරණ සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. එම නිසා අපි ඉදිරියෙදි නව තාක්ෂණික ක්‍රමවේදයන්ට සැකසුනු හොද තත්වයේ හෙල්මට් එකක් ලංකාවේ වෙළදපොලට හදුන්වා දෙන්න බලාපොරාත්තු වෙනවා. ප්‍රමිතියෙන් තොර හෙල්මට් ලංකාවට ආනයනය කරන එක නවත්තවන්න පුළුවන් ක්‍රමවේද තියෙනවද කියලා අපි හොයලා බලනවා..”

    නව නීති හදුන්වා දුන්නොත්. හෙල්මට් නිශ්පාදන ආයතන අමාත්‍යවරයාට ඉදිරියේදි එරෙහි විය හැකි නේදැයි මාධ්‍ය වේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා කියා
    සිටියේ;
    “වැරදි කරන, ඒ වගේම වැරදි විදිහට ලාබ ලබන්න උත්සහ කරන අයගෙන් මට ඉදිරියේදි ප්‍රශ්න එන්න පුළුවන්.ඒ වුනාට මට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. මම කරන්නේ හරි දේ මහජනතාව මගෙත් එක්ක ඉන්නවනම්, මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ” යි අමාත්‍යවරයා කියා සිටියේය.

    මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව විසින් මාර්ග ආරක්ෂාව පිළිබදව හා මාර්ග අනතුරු අවම කර ගැනීම පිලිබදව පාසල් සිසුන් දැනුවත් කිරිම සදහා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා, ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරින් සහ අධ්‍යපන බලධාරින් රැසක් ද සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya