අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් පරිසර සමුළුවක් පෙබරවාරි 14 දා ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී

    පෙබරවාරි 12, 2019

    ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙහෙයවන පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මඟින් සංවිධානය කරන ලද දිස්ත්‍රික් පරිසර සමුළුවක් පෙබරවාරි මස 14වැනි දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    පරිසර අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාන පරිසර ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට කටයුතු යොදා ඇතැයි මේ පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවේදී, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති පී. හැරිසන් මහතා පැවසීය.

    මහවැලි කේන්ද්‍රයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී තව දුරටත් කරුණු දැක්වූ හැරිසන් මහතා දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන්, ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මෙම සමුළුවට සහභාගී වන අතර පරිසර සංරක්ෂණ පිළිබඳ ව ඔවුන් මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ද කීය.

    අලි මිනිස් ගැටුම, කසළ කළමනාකරණය, ජල ප්‍රභවයන් ආරක්ෂාකර ගැනීම, වන සංරක්ෂණය පිළිබඳ ව විශේෂයෙන් ජනතාව දැනුවත් කළ යුතුව ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයකින් එක් ගමක් බැගින් තෝරා ගෙන එම ගම් දියුණු කිරීම් වැඩපිළිවෙළක්ද පරිසර අමාත්‍යංශය මගින් සිදු කිරීමට යන බවද ඇමතිවරයා සඳහන් කළේය.

    මහවැලි සංවර්ධන හා පාරිසරික රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ශ්‍රී ලංකාවේ වන විනාශය වසරකට 1%ක් බැගින් අඩු කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට වංවා ඇති බව කීය. දැනට ශ්‍රී ලංකාවේ වන ගහනය 28% දක්වා අඩු වී තිබේ. එය ඉදිරි වසර කිහිපය තුළ 32% දක්වා වැඩි කිරීම සිය අමාත්‍යංශයේ අරමුණ බවද පැවසූ ඒ මහතා පරිසර සංරක්ෂණය රජයට පමණක් තනිව කළ නොහැකි බවත් ජනතාවගේ සහායද එයට අවශ්‍ය බවත් සදහන් කළේය.

    ජානාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතාද මෙහිදී අදහස් දැක්වීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya