අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල පෙබරවාරි 13 වැනිදා

    පෙබරවාරි 11, 2019

    ශ්‍රි ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල මෙම මස 13 වැනිදා පැවැත්වීමට කටයුතු කර තිබේ. ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයෙ හා ජපාන බාහිර වෙළෙඳ සංවිධානය මෙය සංවිධානය කරයි.

    මෙම සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එදින පස්වරු 4.30ට පැවැත්වේ.

    ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කරන අය වෙත සම්මාන හිමි වීම මෙහිදී සිදු වේ. කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රමාණය මත අති මහා පරිමාණ, මහා පරිමාණ, මධ්‍යම හා කුඩා පරිමාණ යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමීම සිදු කරන බව තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලයේ සභාපති දිනුක් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

    කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සුබසිද්ධිය පිණිස කරන ආයෝජනය අනාගත ලාභ වැඩි දියුණු කිරීම සඳහා හේතු වේ. කාර්යමණ්ඩල සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම හා ඔවුන් රදවා ගනිමින් ඵලදායී කාර්ය සාධනයක් සිදු කිරීම ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය හා සම්මාන උළෙලේ අරමුණ බවත් හෙට්ටිආරච්චි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදු කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya