අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    පෙබරවාරි 11, 2019

    දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද (11) සිට 13 දක්වා වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    දිවයින පුරා විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමාන අතර සුළගේ වේගය පැ.කි.මි. 35-45 පමණ වේ.

    එමෙන් ම මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මඩකලපුව සිට පොතුවිල් හා හම්බන්තොට හරහා මාතර දක්වා සුළලේ වේගය විටින් විට පැ.කි.මී.70 දක්වා වැඩිවිය හැකි අතර ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස  ද දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

     

    අද (11) දිනයේ නැගෙනහිර,  මධ්‍යම, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ද මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන් සවස් හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    ඊයේ (10) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මි.මී. 191.7 ක් ලෙස ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා විය. එමෙන් ම හංවැල්ල ප්‍රදේශයෙන් මි.මී.150 ක් ද කුකුළේගල ප්‍රදේශයෙන් මි.මී.148 ක් ලෙස ද නිවිතිගල ප්‍රදේශයෙන් මි.මී. 142ක් ලෙස ද වාර්තා වේ. සුළං වැඩිවීමත් සමඟ වැසි තත්ත්වයේ වැඩි වීමත් සමඟ වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවිය හැකි බවත් 14, 15 දිනයන්හි සවස් කාලයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya