අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළ 2019 පෙබරවාරි 12 දා

    පෙබරවාරි 11, 2019

    ගුවන් විදුලි 2019 රාජ්‍ය සම්මාන උලෙළ පෙබරවාරි 12 දින ප.ව. 6.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.

    නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වෙයි.

     ශ්‍රී ලාංකේය ගුවන් විදුලිය මේ වන විට අනූ තුන් හැවිරිදි වියෙහි වෙයි.1925 දෙසැමිබර් 16 වැනිදා නිළ වශයෙන් ආරම්භ කෙරුණු එය දශක නමයක කාලය තුළ මේ රටට සිදුකොට ඇති සේවය සුවිශේෂ ය. බැලූ බැල්මට එබඳු සුබවාදී ස්වරූපයක් විද්‍යමාන නොවුනද ලාංකේය ගුවන් විදුලි ඉතිහාසය විචාරශීලීව ගවේශණය කිරීමේදී පසක් කෙරෙනුයේ මෙකී සන්නිවේදන මාධ්‍ය විසින් මේ රටට ඉටුකර ඇති විශිෂ්ට සේවාවේ මහිමයයි.ඒ අනුව එය මෙරට ජනමාධ්‍ය අතර සුවිශේෂ වූ ප්‍රමුඛත්වයක මුද්‍රව හිමිකර ගනී.

    ගුවන් විදුලිය සඳහාම වෙන් කෙරුණු රාජ්‍ය සම්මාන උලෙළක් ප්‍රථම වරට පැවැත් වූයේ 2017 පෙබරවාරි 13 වෙනිදාය. ඒ ලෝක ගුවන් විදුලි දින 5 වන දිනට සමගාමීව ය. ලාංකේය ගුවන් විදුලි ඉතිහාසය තුළ සිදු කෙරුණු සුවිසල් ම මාධ්‍ය මංගල්‍ය එය බව ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාවේ සභාපති මහාචාර්ය සේන නානායක්කාර පවසයි.

    නූතන පාරිභෝගික ප්‍රවාහය තුළ උඩු යටිකුරු වෙමින් පවත්නා මාධ්‍ය ප්‍රවාහයෙහි යහපත් ප්‍රවණතා ඵල කරන මාධ්‍යවේදීන්ගේ දක්ෂතා ඇගයීමයි. ප්‍රශස්ත නිර්මාණශීල්පීන් උදෙසා සම්මාන පිරිනැමෙන්නේ ඒ අනුවය. දෙවැන්න අතීතයේ සිට අකි දුෂ්කර කාලයක් එකී මාධ්‍ය වෙනුවෙන් කැපවූ පුරෝගාමී විශීෂ්ටයින් ගෞරව බහුමානයෙන් ජන සම්බාවනාවට ලක්කිරීමයි. මාධ්‍ය ජීවිතයේ ස්වකීය යුග කාර්ය ඉටු කළ නන්දා ජයමාන්න, අරුන්දතී ශ්‍රී රංගනාදන් හා නිහාල් භාරතී යන පුරෝගාමීන් උදෙසා විශිෂ්ට ප්‍රතිභා ප්‍රණාම සම්මාන පිදෙනුයේ එබැවිනි. යහපත් ගුවන් විදුලි මාධ්‍යකරණයක අනාගත දැක්ම හුදු මායාවක් නොවී, යථාර්තවත් සංසිද්ධියක් බවට පකත්කර ගැනීම ඉන් අපේක්ෂික බව සේන නානායක්කාරයන් සඳහන් කරයි. රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි නාලිකා රාශියක් එහිදී දැක්වූ සහෝදරාත්මක සහයෝගය අතිශයෙන් ප්‍රශන්සනාක්මක බව ද සේන නානායක්කාර මහතා සඳහන් කරයි.

     ශ්‍රී ලංකා කලා මණ්ඩලයත්, ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව මෙන්ම ජූරි මණ්ඩලයක් මෙම සම්මාන උළෙලේ විනිසුරු මණ්ඩලය ලෙස කටයුතු කර තිබේ. වජිර ප්‍රේමකිලක, ලසන්ති රාජකරුණා සහ එස්. තනුෂාන්ත් යන සම්බන්ධීකාරකවරුන් ප්‍රමුඛ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයත්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ද මෙහිදී කෘතවේදීව ස්මරණය කළ යුතු බව මහාචාර්ය සේන නානායක්කාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya