අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 1773 ක් ඉදි කෙරේ- වසර අවසන්වීමට ප‍්‍රථම තවත් නව ආදර්ශ ගම්මාන 727ක්

    පෙබරවාරි 11, 2019

    නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ පුරෝගාමීත්වයෙන් 2015 වසරේ සිට ශ‍්‍රී ලාංකික ජන සමාජයේ සියලූ ජනකොටස් සඳහා නිවාස හා ජනාවාස පහසුකම් සැපයීම උදෙසා පුළුල් ජාතික නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කර ඇත.

    අසූව දශකයෙන් ආරම්භ වු උදාගම් ව්‍යාපාරය මෙයට සම්බන්ධ වු වැඩපිළිවෙල වන බවත් ඒ යටතේ දශක තුනකට අධික කාලයක් ජන සහභාගිත්වයෙන් ක‍්‍රිියාත්මක කෙරුනු උදාගම් ව්‍යාපාරය යටතේ නිවාස ලක්ෂය,නිවාස දසලක්ෂය සහ නිවාස පහලොස් ලක්ෂය වැඩ සටහන් ක‍්‍රියාත්මකය.

    එජාප රජය අනූව දශකයේ මුල් භාගයේදී බලයෙන් ඉවත්වන අවස්ථාව වනවිට ශ‍්‍රී ලාංකික ජන සමාජය නිවාසකරණය සඳහා වඩාත් සාර්ථක වැඩපිලිවෙල සහභාගිත්ව නිවාස සංවර්ධන ක‍්‍රිියාවලිය බවට අවබෝධකර සිටි අතර, ඒ හේතුවෙන් ඉන් අනතුරුව බලයට පත්වු සියළු රජයන් කවර නාමකරණයකින් කවර හෝ නිවාස සංවර්ධන වැඩපිලිවෙලක් ක‍්‍රියාව නැංවුවද, ඒ සියල්ල සහභාගිත්ව නිවාස සංවර්ධනය මුල්කොට ක‍්‍රිියාවට නංවිණ.

     

    එය සැබෑ ලෙසින්ම අසූව දශකය උදාගම් ව්‍යාපාරය වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් ප‍්‍රතිනිර්මාණය කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උදාර සන්කල්පයකට අනුව එතුමාගේ මෙහෙයවීමෙන් 2015 වසරේ සිට අද ( පෙබ: 06 )වනවිට දිිවයින පුරා නව ආදර්ශ ගම්මාන 1773 ක ඉදිකිරිම් කටයුතු ආරම්භකර තිබේ. එමෙන්ම මෙම ගම්මාන අතුරින් ගම්මාන 161 ක් නිවාසලාභීන්ගේ අයිතියට පත්කොට ඇත. මෙම ගම්මාන උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඇතුලූ දිවයිනේ සියළු ප‍්‍රදේශ ආවරණය වන වෙමින් ඉදිවෙමින් පවති. මෙම වසර අවසන්වීමට ප‍්‍රථම තවත් නව ආදර්ශ ගම්මාන 727 ක ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නියමිත වන අතර, ඒ අනුව ගතවු සිව් වසර ඇතුලත ඉදිවන සමස්ථ ආදර්ශ ගම්මාන ප‍්‍රමාණය 2500 කි.

     

    සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන, ආදර්ශ ගම්මාන ක‍්‍රියාවලියේ එක් වැඩසටහනක් පමණි. විසිරි නිවාස ණය වකුගඩු රෝගීන් සඳහා වු නිවාස වැඩසටහන, ආධාර නිවාස වැඩසටහන, රණවිරුවන් සඳහා වු නිවාස වැඩපිලිවෙළ, රාජ්‍ය බැංකු දායකත්ව නිවාස වැඩපිලිවෙල වැනි නිිවාස සංවර්ධන වැඩසටහන් සමගින් පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මධ්‍ය ආදායම්ලාභීන් සඳහා ද නිවාස වැඩපිලිවෙල ක‍්‍රියාත්මකවේ.

    මේ යටතේ ගතවු සිව් වසරක කාලය තුළ පවුල් ලක්ෂ 03 කට අධික ප‍්‍රමාණයකට රුපියල් මිලියන 50,000 කට ආසන්න රාජ්‍ය මූල්‍ය ආයෝජනයකින් මෙම ජාතික නිවාස වැඩසටහන ක‍්‍රියාවට නංවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya