අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා සේවා වනිතා ඒකකයට රුපියල් මිලයනයක මුදල් පරිත්‍යාගයක්

    පෙබරවාරි 10, 2019

    ප්‍රංශ නාවික හමුදාවේ ඉංජිනේරු අංශයට අනුයුක්තව සේවය කර මියගිය ගිල්ඩස් කෝෂියාන් නිලධාරියාගේ බිරිඳ වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි අයංකා කෝෂියාන් මහත්මිය සහ එම දූ දරුවන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙත රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කර ඇත.

     ඒ අනුව, එම මුදල නිල වශයෙන් භාර දීමේ උත්සවය පසුගිය පෙබරවාරි 01වන දින නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සහ අයංකා කෝෂියාන් මහත්මියගේ ප්‍රදානත්වයෙන් පැවැති අතර, එම අවස්ථාව සඳහා කෝෂියාන් මහත්මියගේ දරුවන් වන, දිනේෂ් කෝෂියාන්, නිරංජලි කෝෂියන්, දුලාංජලි කෝෂියන් සහ නාවික හමුදා ආඥාපති නාවික පාබල සහ අධ්‍යක්‍ෂ නාවික මැරීන්, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.

     තවද, අයංකා කෝෂියාන් මහත්මිය ශ්‍රී ලංකීක කාන්තාවක් වන අතර, ඇය උපන් රට වෙනුවෙන් සිදු කළ යුතු යුතුකමක් ලෙස සලකා සිය රට රකින නාවික හමුදා පුද්ගලයින්ගේ දුවා දරුවන් වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත. ඒ අනුව ඒම මුදල ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගයින්ගේ දූවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාරයක් ලෙස ලබා දීමට සේවා වනිතා ඒකකය කටයුතු කරනු ලබන අතර, එය එම දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගෙන යාමට පිටිවහලක් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya