අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල උපාය මාර්ගික නගරයක් ලෙස දියුණු කරනවා ආයෝජනය රුපියල් මිලියන 10,000 යි

    පෙබරවාරි 10, 2019

    කුරුණෑගල උපාය මාර්ගික නගරයක් ලෙස දියුණු කරනවා. රටේ ආර්ථිකයට අපි දශමයකින් වත් බරක් වෙන්නේ නෑ. ධනය උත්පාදනය වන තැන්වල ආයෝජනය කළ යුතුයි යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

     අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, කුරුණෑගල වැව අවට සංවර්ධන ව්‍යාපෘති ජනසතු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
    අපේ අනාගත ජාතික භෞතික සැළසුමට අනුව කොළඹින් පිටත ගොඩනැගෙන ප‍්‍රධානම නරගය කුරුණෑගල නගරය බවට පත්වෙනවා. අපේ අරමුණ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා කුරුණෑගල, දඹුල්ල, හබරණ හරහා තිබෙන මේ ගමන් මාර්ගය රටේ ආර්ථිකයෙත් ජනගහනයේත් ප‍්‍රධාන ආර්ථික කොරිඩෝව බවට පත් කිරීම. ඒ අනුව තමයි අනාගතයේ අධිවේදී මාර්ග, දුම්රිය මාර්ග, ඒ වගේම විදුලිය, ජලය, ගෑස් මේ සෑම ආකාරයකම යටිතල පහසුකම නැංවීම සිදුවන්නේ. ඒ අනුව, මේ කුරුණෑගල නගරය ඒ අපේ අනාගත ජාතික භෞතික සැළසුමට ඉතාමත්ම වැදගත් කොළඹින් පිටත ගොඩනැගෙන මහා නගරයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපි මේ කුරුණෑගල නගරය යොදාගත්තා උපාය මාර්ගික නගරයක් හැටියට දියුණු කරන්න.

    මොකද දැනට උපාය මාර්ගික නගර හැටියට දියුණු කරන්නේ ගාල්ල, මහනුවර, අනුරාධපුරය හා යාපනය පමණයි. ඒ නිසා අපි මේ කුරුණෑගල නගරයත් උපාය මාර්ගික නරගයක් ලෙස සංවර්ධනය කරනවා. අපි සතුටින් ප‍්‍රකාශ කරනවා ඉදිරි කාලයේදී රුපියල් මිලියන 10,000කට අධික මුදලක් මේ කුරුණෑගල නගරය ශක්තිමත් පුරවරයක් බවට ගොඩනගන්න අනාගතයේ ආයෝජනය කරන්න යන බව. ඒ වගේම මේ නගරය, අධිවේගී මාර්ග පද්ධතිය මෙතැනට පැමිණියාට පසුව අපිට හැකිවෙනවා ගැට්ටුවාන ප‍්‍රදේශයේ ප‍්‍රවාහන තදබදය නැති කරන්න.

     

    දුම්රිය, බස්රිය ඒ වගේම අනෙකුත් ප‍්‍රවාහන මාධ්‍ය එකට එකතු කරන ප‍්‍රධාන බහුවිධ මාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානයකුත් අපි ඉදිරියේ කුරුණෑගල ඉදිකරන බව කියන්න ඕන. ඒ වගේම මේ කුරුණෑගල නගරය දැන් උගතුන්ගෙන් පිරිණු මධ්‍යම පාන්තික නගරයක්. තවදුරටත් මේක ගමක් නෙවෙයි. එමනිසා මෙය ශක්තිමත් නරගයක් හැටියට නාගරික පහසුකම් සහිතව ගොඩනැගීම රටේත් අපේත්, වගකීම වෙනවා. එය අපි පැහැදිලිව හිසේ දරාගෙන තමයි නාගරික සංවර්ධන අධිකාරිය අපේ අමාත්‍යාංශය කුරුණෑගල වැව අවට සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කළේ. මේ ව්‍යාපෘතිය 2014 දී එවකට පැවති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ කාලයේ ආරම්භ වුණේ. මේක ඉතාමත්ම හොඳ ව්‍යාපෘතීයක්. නමුත් එම ව්‍යාපෘතියේ විවිධ ප‍්‍රශ්න නිසා 2015 දී මගහැරුණා. ඒක අත්හිටවුණා.

    නමුත් මෙහි තිබෙන වැදගත්කම, කුරුණෑගල නගරය අනාගතයට තිබෙන වැදගත්කම සළකලා ඒ ව්‍යාපෘතිය අද අපි ගොඩනගල තියෙනවා. ඒකෙ ඉතිරි කොටසත් මං හිතන්නේ අපි ගොඩනගා ගත්තම අංග සම්පූර්ණ නේවාසික සහ වාණිජ මධ්‍යස්ථානයක් බවට මේ වැව රවුම පත්වෙනවා. ඇත්තටම මහනුවර වැව රවුමටත් වඩා ආර්ථික හා වාණිජ වශයෙන් වටිනා බිම්කඩවල් ගණනක් මෙමගින් විවෘත වන බවත් ප‍්‍රකාශ කරන්න ඕනෙ. ඒ වගේම, ලබන මාර්තු මස 05 වැනිදා මුදල් ඇමතිතුමා අග‍්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත අය-වැය ගේනවා.

    මේ අය-වැය බොහෝම බරපතල අයවැයක්. අපි මේ නාගරික සංවර්ධනයට මේ පෙත් මං ඉදිකරන්න, ඒ වගේම මහාමාර්ග ඉදිකරන්න පාසැල් ඉදිකරන්න, පන්සල් විහාරස්ථාන ගොඩනගන්න, ජලය දෙන්න, විදුලිය දෙන්න, නිවාස හදන්න, මේ හැම දේටම වියදම් කරන්න යන්නේ රුපියල් බිලියන 800යි. නමුත් මේ වසරේ අපට ණය ගෙවන්න තියෙනවා රුපියල් බිලියන 2200ක්. එකෙන් කියන්න මොකක්ද, රුපියලක් සංවර්ධනයට වැය කරන කොට රුපියල් තුනක් ණය ගෙවන්න වෙලා තියෙනවා. මෙය, මේ රටේ අපේ ඉතිහාසයේ මීට පෙර නොතිබූ තත්ත්වයක්.

     

     ඒ වගේම මම කියන්නන ඕන 2010 මට මතකයි මම විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ රටේ ණය ගෙවන්න තිබුණෙ බිලියන 800යි. දැන් අවුරුදු 8ක් ගෙවුනට පස්සේ ඒ ගණන තුන් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. ඊළ`ග අවුරුදු තුනේදීත් අපිට මේ බරවා කකුලත් එක්ක තමයි අපිට ආණ්ඩු කරන්න වෙන්නේ කවුරු ආණ්ඩු කළත්. ඒ මොකද, අපි අයෝජනය කරලා නෑ ආදායම් ඉපදෙන තැන්වල. ඒක තමයි අපි කරල තියෙන මෝඩකම. ආදායම් ඉපදෙන තැන්වල අපි ආයෝජනය කළා නම්, ධනය උත්පාදනය වන තැන්වල ආයෝජනය කළා නම්, මේ ණය ගෙවීම අපට අපහසු වෙන්නෙ නෑ මහජනයා මත බදු බර පටවන්නේ නැතුව.

    අපි බොහෝම ආඩම්බරයෙන් කියනවා නාගරික සංවර්ධන අධිකාරිය 2015 ලබපු ආදායම වගේ දෙගුණයක ආදායමක් අවුරුදු තුනක් ඇතුලත අද අපි ලබන බව. නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩ කිරිමේ සංස්ථාව, ලාභ ලබන ආයතන බවට අප පත්කරලා තියෙනවා. ඒ වගේ 2015 ලබපු ලාභය වගේ හතර ගූණයක ලාභයක් අද නාගරික සංවර්ධන අධිකාරිය උපයන බව අපි කියන්න ඕනෙ. ඒ වගේම එදා ණය බරෙන් හොඳටම හෙම්බත් වෙලා හිටපු නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරය ලස්සන කරන්න, පේමන්ට් හදන්න, ඒ වගේම විවිධ ගොඩනැගිලි සුන්දර කරන්න ප‍්‍රකෝටි ගණන් ධනය වැය කරලා මිලියන 39,000ක ණයක් තිබුණු නාගරික සංවර්ධන අධිකාරිය අද ණය ගෙවලා මිලියන 23,000ක් ආයෝජනය කරපු ආයතනයක් බවට අපි පත්කර තිබෙනවා.

    ඒක තමයි රටේ ආර්ථිකයට අවශ්‍ය කරන්නේ. අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව, ගොඩනැගිලි ඉදි කිරීම් නෙවෙයි තිබුණෙ වැව් හාරන්න. ජලාශ හදන්න. මිලියන 155ක පාඩුවෙන් පටන්ගත්තේ අපි 2015 දී. නමුත් අද මිලියන 1500ක ආදායමක් උපදවනවා විතරක් නෙවෙයි එදා ඒ ලබාගත්තු ආදායම වගේ අද ඒ ආයතනයේ ආදායම තුන්ගුණයකින් මේ අවුරුදු තුනේදී අපි ඉහල නංවලා තියෙනවා. අපි බොහෝම ආඩම්බරයෙන් කියනවා රජයේ කිසිදු ආයතනයක් අවුරුදු තුනක් ඇතුලත තුන් ගුණයකින් ආදායම උපදවලා නෑ. ඒ නිසා අද අපි භාණ්ඩාගාරයෙන් නිදහස්. භාණ්ඩාගාරයට බර නෑ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ ගරු අගමැතිතුමාගෙන්, මුදල් ඇමතිතුමාගෙන් ආණ්ඩුවට බරක් නැතුව සංවර්ධන ගෙනියන අපේ ආයතනවලට වැඩි ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණයක් දීලා වැඩ කරන්න අපට ඉඩ සළස්වලා දෙන්න කියලා. මොකද අද මේ රටේ සිරිතක් තියෙනවා මේ ජනකාන්තවාදය. බාල ජනකාන්තවාදය නිසා රට මේ භයානක ණය උගුලේ හිර වුණා. දැන් අපි තවදුරටත් වියදම් කරන්න පූලූවන් ජාතිකයක් නෙවෙයි ආදායම් උපදවන්න පුලූවන් ජාතියක් බවට පරිවර්තනය වෙන්න ඕනෙ.

     

    අපි ත‍්‍රිකුණාමලය සඳහා පූර්ණ සැළසුමක් ඇතිකරල තියෙනවා. කොළඹ නගරය පූර්ණ සැළසුමකට අනුව අපි කටයුතු කරනවා. එදා බරපතල ජාතික, ජාත්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත්වෙලා තිබුණ වරාය නගරයේ වැඩ දැන් ඉවරයි. අනාගතයේ එතැන බලගතු වාණිජ්‍ය මධ්‍යස්ථානයක් ගොඩනැගෙනවා. මේ වසරේම ඒ වැඩකටයුතු ආරම්භ වෙනවා. ඒ වගේම අපි ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ විප්ලවයක් ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා අපේ බස්රථ සේවාව විධිමත් කරනවා. ඒ වගේම 1860 සුද්දන්ගෙන් පස්සෙ ප‍්‍රථම වතාවට සැහැල්ලූ දුම්රිය පද්ධතියක් ගෙනඑන්න අපි උක්සාහ කරනවා. එතකොට මේ ආකරයට බැලූවම රටේ අද විශාලම දැවැන්තම ව්‍යාපෘති ගණනාවක් අපේ උර මත දරාගෙන ගමන් කරනවා. ඒ වගේම රටේ ආර්ථිකයට දශමයකින්වත් බරක් වෙන්නේ නෑ. මම බොහොම කණගාටුවෙන් කියනවා බෙලිඅත්ත දුම්රිය මාර්ගය 1991 පටන්ගත්තේ. කිලෝමීටර 28යි. අවුරුදු 28ක් ගියා ඉවර කරන්න. සාමාන්‍ය මිළගණන වගේ විසිදෙවැනි ගුණයක් ගියා නමුත් අද අපි කඩුවෙල සිට පිටකොටුවට ඉදිකරන්න යන ඒ නව සැහැල්ලූ දුම්රිය මාර්ගය, එය අලූත්ම මාර්ගයක්. අලූත්ම දුම්රියක්. සියලූම දේ අලූතින් ගොඩනගන්න ඕනෙ. අවුරුදු 14ක් ඇතුලත ඒ සඳහා වැය කරන මුදල අපට ලැබෙනවා විතරක් නෙවෙයි අවුරුදු තුනක් ඇතුලත එහි ඉදිකිරිම් කටයුතු අවසන් කරන්න කටයුතු කරනවා.

     

    අපි ආදායම් උපදවන රටක් බවට ක‍්‍රමයෙන් පත් නොවුනොත් හැමදේම වියදම් කරන රටක් බවට පත්වුණොත්, කවර කෙනෙක් මොනම විශ්ම කර්මයා ආවත් රටේ ආර්ථිකය හසුරුවන්න බෑ මිත‍්‍රවරුණි. ඒ නිසා මම හිතනවා අපි ආදායම උපදවන පැත්ත ගැන කල්පනා කළොත් මේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය අතිශයින්ම වැදගත්. වයඹ පලාත අතිශයින්ම වැදගත්, අපේ ආර්ථිකයේ ජවන ඇන්ජිම බවට පරිවර්තනය කරන්න මේ කලාපයට පුලූවන් බවයි අපේ හැ`ගීම. ඒ නිසා මේ රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් රජයේ අරමුදල් යොදවලා ඔබේ මුදල් යොදවලා මේ ඉදිකරපු දෙයින් මම හිතනවා මේ අවට ඉඩම්වල වටිනාකම අතිවිශාල ප‍්‍රමාණයෙන් ඉහල ගියා. නගරයේ වටිනාකම අතිවිශාල ප‍්‍රමාණයෙන් ඉහල ගියා. ඒ වගේම අපි අනාගතයේ මේ වගේ කිහිප ගුණයක්, මිලියන 10,000ක් වියදම් කරලා මේ නගරය සහ අවට ප‍්‍රදේශය අධිවේගී මාර්ගයත් එක්ක ගොඩනැගුවාම කොළඹින් පිටත අගනගරය බවට කුරුණෑගල පත්වෙන බව ප‍්‍රකාශ කරමින් ඔබ සියලූ දෙනාටම රන්වන් අනාගතයක් වේවා කියා ප‍්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya