අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය 2019 අනුරාධපුරයේ දී

    පෙබරවාරි 09, 2019

    ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අනුරාධපුරය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය උත්සවය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇති අතර මාර්තු 06 වනදා සිට 08 වනදා දක්වා වැඩසටහන් පැවැත්වේ. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් (07) දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත් විය. මාර්තු 01 වනදා කොළඹ දී ජාතික කාන්තා කමිටුව මගින් පා ගමනක් ද සංවිධානය කර ඇතැයි, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසීමා විජේසේකර මහත්මිය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය. 

    කාන්තා හිංසනය පිටුදැකීම පිළිබඳව ස්ටිකර් , පෝස්ටර් , විරිදු හා විදි නාට්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම මාර්තු මස 06 වනදා දවස පුරා අනුරාධපුර නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ස්වයං රැකියා වල නිරත කාන්තාවන්ගේ නිෂ්පාදන ඇතුලත් නිෂ්පාදන අලෙවි පොළ විවෘත මාර්තු 07 වනදා වනදා විවෘතකර එය අට වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

    එදින සවස යුධ හමුදාව විසින් විශේෂ සන්දර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි , අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේ ය. මෙවර කාන්තා දින තේමාව වන්නේ “ සුහුරු කතක් - සොඳුරු ලොවක් යන්නයි. කාන්තාවන් 6000 කගේ සහභාගීත්වයෙන් , කාන්තා දින සැමරුම් උත්සවය අට වන දා දවස පුරා විෂය භාර අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ඇතුලු ආරාධිතයින් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya