අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන  "ස්මාර්ට්  ශ්‍රී ලංකා"  වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඇරඹේ ..

    පෙබරවාරි 09, 2019

    තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන "ස්මාර්ට්  ශ්‍රී ලංකා" වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පළමු වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා අතින්  (08) පස්වරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. 

    ශ්‍රී ලංකාවේ විරැකියා ගැටලූවට ස්ථීරසාර විසදුමක් ලබාදෙමින් සියලූ රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශි කොට දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතය.

     

    ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය ජනාධිපති කාර්යාලයේ ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ කි්‍රයාත්මක කෙරේ. තරුණ තරුණියන්ට තමන් තෝරාගත් වෘත්තීය මාර්ගයක සාර්ථක ගමනකට අවස්ථාවක් සලසාදීම, ව්‍යවසායකත්ව අවස්ථා, රැකියා බැංකු ඇතුථ ජාලගත වෘත්තීය තොරතුරු සේවාවක් සැපයීම, පෞද්ගලිකවම වෘත්තීය මාර්ගෝපදේශකයන් හමුවීමට අවස්ථාව, වෘත්තීය මාර්ගෝපදේශන සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම, රට පුරා පැතිරුණු වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයක් ගොඩනැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

     

    සමරු ඵලකය නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    නිමල් සිරිපාල ද සිල්වා. මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර,  රවින්ද්‍ර සමරවීර, ඉසුර දේවප්‍රිය, ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද,  හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ද, උතුරු මැද පළාත් ආණ්ඩුකර සරත් ඒකනායක මහතා ඇතු`ථ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්  සහ රාජ්‍ය නිලධාරින් ද, තරුණ තරුණියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya