මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට ග‍්‍රාමශක්ති හරහා පුළුල් වැඩසටහනක්

    පෙබරවාරි 09, 2019

    නැගෙනහිර පළාතේ අඩුආදායම්ලාභී පවුල්වල ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කරමින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ පසුගිය වසරේ පුළුල් වැඩකොටසක් ඉටුවී තිබෙන බව පළාතේ රාජ්‍ය නිලධාරිහු පෙන්වා දෙති.

    දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක “ග‍්‍රාමශක්ති“ ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව පළාතේ මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අද (08) පෙරවරුවේ මඩකලපුව, මන්මුනෙයි උතුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහි දී මේ බව අනාවරණය කෙරිණි.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ මඩකලපුව, අම්පාර සහ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙන්ම ආරක්ෂක අංශ ප‍්‍රධානිහු ද එක්ව සිටියහ.

    ග‍්‍රාමශක්ති වැඩසටහන නැගෙනහිර පළාත තුළ කි‍්‍රයාත්මක වන අන්දම එහි ප‍්‍රගතිය සහ ඉදිරි සැලැසුම් පිළිබඳ මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි. 2018 වසරේ දී මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාමශක්ති සමිතිවලට ලබා දී ඇති ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් මිලියන 42ක් වන අතර අම්පාර දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 66ක් සහ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයට රුපියල් මිලියන 33ක් ලබා දී තිබේ. මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ජීවත්වන 5,26,567ක ජනතාවගෙන් 11.3‍්& ක් දරිද්‍රතාවයෙන් පීඩාවිදින අතර, අම්පාර දිස්ති‍්‍රක්කයේ 6,49,402ක ජනතාවකගෙන් 2.6‍්‍%ක් ද, ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ 3,79,541ක ජනතාවගෙන් 10‍්‍%ක් ද දිළිඳුකමින් පීඩා විදිති. එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය හරහා කි‍්‍රයාවට නංවා ඇති ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් විමසා බැලිනි.

    එමෙන්ම පෞද්ගලික සමාගම් සහ නැගෙනහිර පළාතේ ග‍්‍රාමශක්ති සමිති අතර ගිවිසුම් දෙකකට අත්සන් තැබීම ද මෙහිදී සිදු වූ අතර නයනතිව් ග‍්‍රාමශක්ති සමිතිය සහ ටොම්පෝ ලංකා පෞද්ගලික සමාගම අතර මුහුදු පැළෑටි අපනයනයට අදාළ ගිවිසුමකට අත්සන් තැබිණි. පොක්කරප්පු ග‍්‍රාමශක්ති සංවිධානය සහ හේලිස් පුද්ගලික සමාගම අතර මුරුංගා දලු මිලදී ගැනීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබීම ද අද සිදු විය.

    මේ අතර අද දින ග‍්‍රාමශක්ති වැඩසටහන මඩකලපුව, මන්මුනෙයි උතුරු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සතුරුකොණ්ඩාන් නිෂ්පාදන ගම්මානය කේන්ද්‍රකර ගනිමින් කි‍්‍රයාත්මක කෙරිණි. පවුල් 461 ක් පදිංචි මෙම ගම්මානයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග‍්‍රාමශක්ති වැඩසටහන කි‍්‍රයාත්මක වන ආකාරය මෙහි දී දිර්ඝ වශයෙන් විමසා බැලුණු අතර මතුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ද පියවර ගැනිණි.

    පේෂකර්මාන්තයේ නිරත කාන්තාවන් සදඟා රුපියල් 50,000 ක් බැගින් වටිනාකමකින් යුත් අත්යන්ත‍්‍ර 20 ක් බෙදාදීම, ධීවර කර්මාන්තයේ නියුතු වූවන් සඳහා ධීවර ආම්පන්න ලබා දීම ඇතුළු ජීවනෝපාය මාර්ග සංවර්ධන උපකරණ කට්ටල බෙදාදීම මෙහි දී සිදු වු අතර ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු බෙදාදීම ඇතුළු ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් ද කි‍්‍රයාත්මක කෙරිණි.

    ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා මේ වන විට සකී‍්‍රය ව වැඩ අරඹා ඇති ගම්මාන 1000කි. ඉන් 700ක් ප‍්‍රජාපාලිත ගම්මාන වන අතර, 300ක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙස කි‍්‍රයාත්මක වෙයි. 2020 වන විට මෙම ගම්මාන සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya