අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ව්‍යාපාර හා රාජ්‍ය ගිණුම් කාරක සභා නිරීක්ෂණයට ජනමාධ්‍යයට අවස්ථාව ලබාදෙන්න

    පෙබරවාරි 08, 2019

    පොදු ව්‍යාපාර කාරක සභාවට හා රජ්‍ය ගිණුම් කාරක සභාවට ජනමාධ්‍යවේදීන්ට නිරීක්ෂණ මට්ටමින් සහභාගීවීමට අවස්ථාව සළසා දෙන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    පොදු ව්‍යාපාර කාරකසභා සභාවේ පළමු වාර්තාව ( 2017--7-01 සිට 2017-9-30 දක්වා )පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී සභපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    මෙමඟින් නිලධාරීන්ට වගවීමක් ඇතිවන බවත් ඒ සඳහා අවස්ථාව සැළසීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියේ ය. මෙමඟින් රාජ්‍ය ව්‍යාපාර දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමට හැකිවන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya