අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහරාජ ලෝක උරුම කලාපයට ප්‍රවේශ වීමේ මාර්ගයෙන් කිසිදු පරිසර හානියක් සිදු නොවේ- රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම

    පෙබරවාරි 08, 2019

    සිංහරාජ ලෝක උරුම කලාපයට ප්‍රවේශවීමට තිබෙන මාර්ගය පිළිසකර කිරීමෙන් කිසිදු පරිසර හානියක් සිදු නොවන බවත් මෙම මාර්ගය කිසිදු පළල් කිරීමක් සිදු නොකරන බවත් මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් සිංහ රාජ වනන්තරයට ප්‍රවේශවන මාර්ගය පිළිසකර කිරීම සම්බන්ධයෙන් ඇති විය හැකි බව කියන  පරිසර හානිය පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙහි අලුතෙන් මාර්ගයක් ඉදි නොකෙරෙන බවත් තෙන මාර්ගය පිළිසකර කිරීමක් සිදු කිරීම පමණක් බවත්  සඳහන් කළේ ය.
    මාර්ගය කිසිදු පළල් කිරීමක් සිදු නොකරයි.නාය යෑම් වැලැක්වීමට ගල් වැටි දැමීමක් සිදු කරයි.පරිසර ආරක්ෂාව  තහවුරු කරන මාර්ගෝපදේශ අනුගමනය කරයි. සිංහ රාජ ලෝක උරුම වනන්තරය තුළ සිදු කරන ඉදි කිරීමක්  නොවේ. ලෝක උරුම වනන්තර රක්ෂිතයට අදාළ නොවේ.මෙම පිළිසකර කරන මාර්ගයෙන් පා ගමනින් ගමන්  කිරීමට පමණක් අවසර ලැබෙන අතර කිසිදු වාහනයක ගමන් කිරීමට වසර ලබාදෙන්නේ නැති බව ද මෙම මාර්ගය පිළිසකර කිරීම් අසඳහා වන වියදම රුපියල් මිලියන 45.8ක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya