මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවිණ ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකර දැයෙන් සමු ගනී

    පෙබරවාරි 07, 2019

    ඡායාරූප ශිල්පියෙකු, සිනමා තිර රචකයෙකු, සහාය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම සිනමා මාධ්‍යවේදියෙකු ද වන රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු හෙට (08) දින  නැදිමාල සුසාන භූමියේ දී  සිදු කිරීමට නියමිතයි.

    ලාංකේය ඡායාරූපකරණයේ ස්වර්ණමය සලකුණක් වූ ඔහු මෙරට සිනමාවේ පෙරළිකාර සමයේ සිටි ධර්මසේන පතිරාජ වැනි දැවැන්තයන් සමඟ ද කටයුතු කර තිබේ. ‘හන්තානයේ කතාව’ චිත්‍රපටයේ සම තිරකතා රචකයාද ඔහු විය.

    ‘සරසි’ පුවත්පතේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරමින් හා වෙළෙද ප්‍රචාරණ දැන්වීම්වල ප්‍රවීණයෙක් ලෙසද කටයුතු කර තිබේ. පසුගිය මෑත භාගයේ ඔහු ඡායාරූප උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් නව පරම්පරාව සමග දැනුම හා අවබෝධය බෙදාහදා ගනිමින් කටයුතු කළ මාරිගෝපදේශකයෙක් ලෙසද හදුනවා දීමට හැකි වේ. බර්ටි ගුණසේකර මහතා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ ජ්‍යේෂ්ඨතම නිලධරියෙකු සහ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේ ය. දේහය මේ වන විට 59/3 -බී,  ශ්‍රී සරණංකර පාර, දෙහිවල නිවසේ තැම්පත් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya