අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවය වඩාත් ජනතාවට සමීප කරවීමට නිපුණතා ඇගයීමේ වැඩසටහනක්

    පෙබරවාරි 07, 2019

    රාජ්‍ය සේවයේ අඩුපාඩු හඳුනාගනිමින් රාජ්‍ය සේවය වඩාත් ජනතාවට සමීප කරවීම සඳහා නිපුණතා ඇගයීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  ''වගකීමට වටිනාකමක්'' යනුවෙන් හඳුන්වන මෙම වැඩසටහන අදියර 02 යටතේ ක්‍රියාත්මක වේ.

    මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාමාන්‍ය පුරවැසියන්ට තමා රාජ්‍ය සේවය තුළින් ලබා ගත් අත්දැක්‍ම් ඉදිරිපත් කරන්නට අවස්ථාව සැලසේ. මෙම අත්දැකීම් රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශය වෙත සරළ පොදු ආකෘතියක් යටතේ ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

    මෙම අත්දැකීම් වලට සම්බන්ධ රාජ්‍ය සේවකයින් තෝරාගෙන රාජ්‍ය සේවකයිවන් ඇගයීම සඳහා මානව සම්පත් සම්මාන උළෙලක්ද සංවිධානය කෙරෙන අතර මේ සම්බන්ධව වැඩි විස්තර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.pubad.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකිය.

     මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා; රජය, රාජ්‍ය සේවය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන බවත් එය ජාතික ආදායමෙන් 40% ක් පමණ වන බවත්ය. එබැවින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කර ජනහිතකාමී රාජ්‍ය සේවයක් ගොඩ නැගීම සඳහා හොඳින් වැඩ කරන රාජ්‍ය සේවකයින් ඇගයීමට සහ රජයේ කාර්යාල වලින් සිදුවෙන ප්‍රමාදයන් සම්බන්ධව සහ නිලධාරින්ගෙන් සිදු වන ප්‍රමාදයන් සම්බන්ධව ද ඉදිරියේදී දඩුවම් ලබා දීමට කටයුතු කරන බව පැවසීය.

    උතුරේ ඇති වූ ගංවතුර සමයේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් කිසිදු අඩු පාඩුවක් නැතිව සිදු කළ බව ද පැවසූ අමාත්‍යවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නියමු ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් රාජ්‍ය සේවකයින්ට උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කරන බවද කීය.

    මේ අවස්ථාවට එක් වූ අමාත්‍යංශ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසුවේ, රාජ්‍ය සේවයේ ප්‍රමාදවීම් , අතපසුවීම් සිදු කරන නිලධාරින් පිළිබඳව අමාත්‍යංශය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ සඳහා අවශ්‍ය චක්‍රෙල්ඛ සහ උපදෙස් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසිය.

     

    ඒ අනුව ජනතා අපේක්ෂාවන්ට මුල් තැන දෙමින් වඩාත් ඵලදායී රාජ්‍ය සේවයක් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවද ජේ. ජේ රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya