අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව යළි රැස්වෙයි- විදුලි සෝපානය අක්‍රියවීම ගැන කතානායකවරයාගේ අවධානයට

    පෙබරවාරි 07, 2019

    තාවකාලිකව අත් හිටවූ පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    සභාවේ කටයුතු ආරම්භ වීමෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ගමන්ගනිමින් තිබූ විදුලි සෝපානය අක්‍රීය වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු කතානායකවරයාගේ අවධානයට යොමු කළේ ය.

    මන්ත්‍රීවරුන්ගේ ජීවිත පිළිබඳව සැලකිලිමත් වන ලෙස මන්ත්‍රීවරු විසින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

    මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය ප්‍රමාණය්ක් නෑ. ලක්ෂ දෙකයි රක්ෂණය තිබෙන්නේ. අලුත් සෝපානයක් ගෙන්න අවශ්යයි.මේ ගැන පරීක්ෂනයක් කරන්න.විදුලි සෝපානය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙන බවද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

     මේ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. අදාළ සමාගම් කඳවනවා. මේ ගැන සොයා බලනවා යැයි ද කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රතිචාර දක්වමින් පැවසී ය.

    විදුලි සෝපාන තාක්ෂණ ඇගයීම් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවත් එය පාර්ලිමේන්තුවෙන් ම පටන් ගන්නා බව අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසී ය.

    විදුලි සෝපාන පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ද භාවිතා කරන බැවින් විදුලි සෝපාන යථා තත්ත්වයට පත් කරන තෙක් එය භාවිතා කිරීමෙන් වළකින ලෙස දැන්වීමක් පළ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya