අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙල සදහා චීනය නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙනවා - චීන තානාපති

    පෙබරවාරි 07, 2019

    චීනය සංවර්ධනය කරා යන දුම්රියක් නම් එම දුම්රියේ එක් මැදිරියක් ශ්‍රී ලංකාවටද වෙන් කර දීමට චීන රජය කටයුතු කරන බව චීන තානාපති චේන්ග් එක්සිව්යුවෑන් (Cheng Xueyuan) මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (6) මල්වතු සහ අස්ගිරිමහනායක ස්වාමීන් වහන්සේ බැහැදකමින් අදහස් පළ කරමිනි.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙල සදහා චීනය නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙන බව පැවසූ චීන තානාපතිවරයා, දෙරට අතර අනෝන්‍ය වශයෙන් සහයෝගිතාවයක් ගොඩ නැගී ඇති බවත්, දෙරටේ සංවර්ධන වැඩටසහන් අතර ගැලපීමක් තිබෙන බවත් පෙන්වා දෙන ලදී.

    ශ්‍රී ලංකාව සහ චිනය අතර තානාපති සම්බන්ධතා ඇති වී වසර 62 ක් සපිරීම නිමිත්තෙන් චීන තානාපතිවරයා මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට පැමිණ තිබුනි. මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිදුන් වැදපුදා ගැනීමට චීන තානාපතිවරයා කටයුතු කළේය. ඉදිරි කාලයේදීද ලංකාව සහ චීනය අතර මනා අවබෝධයකින් යුතුව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බව තම විශ්වාසය බවද චීන තානාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

    DMU/Kandy

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya