මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියවීම් රුචිය වැඩිදියුණු කිරීමට ගත හැකි සෑම පියවරක් ම ගතයුතුයි- අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 07, 2019
    දරුවන් තුළ මෙන්ම ගුරුවරුන් තුළ ද, ඒ හරහා සමස්ත සමාජය තුළ ද  කියවීම් රුචිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් හැකි සෑම පියවරක් ම ගන්නා ලෙසත්, කියවීමට සුදුසු ගුණාත්මක පොත් බිහිකිරීම සහ ගුණාත්මක පොත් නිවැරදිව හඳුනාගැනීම වෙනුවෙන් පුරෝගාමී ව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත.
     ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය 2012 වසරේ දී එවකට පැවති රජය විසින් කැබිනට් තීරණයක් මත අහෝසි කර තිබුණු අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් එය වසර හයකට පසු නැවතත් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
     
    ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජයන්ත අල්විස් මහතා පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ යලිත් ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ මෙම පළමු සභා රැස්වීමේ දී පහත ක්‍රියාමාර්ග සම්බන්ධව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු කෙරිණි.
     
     
     
    ·        දරුවන් මෙන් ම සිසුන් අතර කියවීමේ රුචිය වැඩිකිරීමට නව ක්‍රියාමාර්ග ගැනීම
     
    ·        කියවීමට සුදුසු ගුණාත්මක පොත් තෝරා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම
     
    ·        ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිහිටුවීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම
     
    ·        ජාතික පොත් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කෙටුම්පතක් සකස්කිරීම
     
    ·        සංස්කෘතියට ගැළපෙන ලෙස හා දරුවන්ගේ ගුණාත්මක සංවර්ධනය වැඩිකරන අයුරින් , ඵලදායී පොත් කියවීමකට වැඩිවැඩියෙන් දරුවන් හුරු කරවීම
     
    ·        බන්ධනාගාරගතවූවන්ට කියවීම සඳහා පොත් ලබාදීම
     
    ·        ලේඛකයන්, සංස්කාරකයින් මුද්‍රණකරුවන් ප්‍රකාශකයින් හා පොත් අලෙවිකරුවන් මෙන් ම චිත්‍ර ශිල්පීන් දැනුවත් කොට ගුණාත්මක පොත් නිෂ්පාදනය කරවීමට ඔවුන් දිරිගැන්වීම
     
    ·        වටිනා පැරණි පොත් පුස්කොළපොත් පවත්නා ස්ථාන සහ හිමිකරුවන් සොයා ඒවා  එකතුකරවාගෙන සංරක්ෂණයට පියවර ගැනීම
     
    ·        කියවීම් ප්‍රවර්ධන නිලධාරීන් පාසල්වලට බඳවාගැනීමට පියවර ගැනීම
     
    ·        ලංකාවේ දෙමළ ලේඛකයින්ගේ හොඳ අන්තර්ගතයක් සහිත පොත් පරිවර්තනය කර සිංහල හා ඉංග්‍රීසි පාඨකයින්ට හඳුන්වා දීම.
     
    ·        පාසල් පුස්තකාල සංවර්ධන ඒකකය හා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ආදී ආයතන සමඟ  සමග එකතු වී පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම
     
     
     
    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ලේකම්, ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ගුණසේන විතාන, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න, මහතා මෙන් ම,  ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ, ලේකම්, ගණකාධිකාරී ඇතුළු ග්‍රන්ථ සංවර්ධන මණ්ඩල සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya