අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් සහල් මංගල්‍යය 2019- අප්‍රේල් 6 සහ 7 අනුරාධපුර දී

    පෙබරවාරි 07, 2019

    ශ්‍රී ලාංකීය ගොවි ජනතාව නෙලා ගත් මහ කන්නයේ අස්වැන්නෙහි අග්‍රඵලය බුදුන් වහන්සේ වෙත පූජා කිරීමේ ඓතිහාසික උත්සවය “අලුත් සහල් මංගල්‍යය” 2019 අප්‍රේල් මස 06 සහ 07 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසී ය.

    මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් අටමස්ථානාධිපති අතිපුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි. එහිදී උන්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය මේ සඳහා ලැබෙන බවත් මෙවර අලුත් සහල් මංගල්‍යය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කයන් නියෝජනය වන පරිදි සංස්කෘතිකාංග ද එක් කළ යුතු බව එහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා කීය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කීප දෙනෙක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya