අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගුවේ දූෂණ සෙවීමට කමිටුවක් පත්කරන බව මුදල් ඇමති කියයි

    පෙබරවාරි 06, 2019

    රේගු දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදූ වී ඇති දූෂණ පිළිබඳව සොයා බලා පරීක්ෂණ පැවැත්වීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවත් පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    ඒ අතර මෑතදී රේගුවේ සිදුවී ඇති දූෂණ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම්. චාල්ස් මහත්මිය විසින් පවත්වා ගෙන යන පරීක්ෂණ අවසාන වන තුරු ඇය තවදුරටත් එම තනතුරේම තබා ගැනීමට කැබිනට් මණඩලය නිර්දේශ කළ බවද ඇමතිවරයා පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ අද (06) සවස පැවති මාධ්‍ය හමුවේදීය.

    රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම්. චාල්ස් මහත්මිය ද සහභාගී වී සිටි මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කරුණු දැක්වූ මංගල සමරවීර මහතා මෙසේද කීය.

    දැන් තිබෙන රේගු ආඥා පනත 1967දී ඇති කරන ලද එකක්. වසර 150කටත් වඩා පැරණි මෙම පනත වර්තමාන ලෝකයට ගැලපෙන පරිදි සංශෝධනය කොට නව පනතක් ගෙන ඒමට කටයුතු කරගෙන යනවා.

    අප 2015දී ආණ්ඩුව භාර ගන්නා විට රේගුවේ ආදායම රුපියල් බිලියන 788යි. 2016දී එය රුපියල් බිලියන 831යි. 2018 වන විට රේගුවේ ඇදායම රුපියල් බිලියන 921 ක් වී තිබුණා. මාගේ ඉලක්කය වූයේ රේගුවෙන් වර්ශයකට රුපියල් ට්‍රිලියන එකහමාරක ආදායමක් ලබා ගැනීමයි.

    රේගුව, සුරා බදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමයි රජයට වැඩිම ආදායමක් උපයා දෙන්නේ.එම ආදායම් නියාමනය කිරීම සඳහා මා මුදල් අමාත්‍යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකයක් ඇති කොට එහි ප්‍රධානියා වශයෙන් චාල්ස් මහත්මිය පත්කිරීමට තීරණය කළා. රේගු වෘත්තිය සමිති වල දැඩි විරෝධතාවය නිසාත්, රේගුවේ සිදුවී ඇති ගම්මිරිස්, කරුංකා සහ මෝටර් රථ ජාවාරම් පිළිබඳව ඇය විසින් සිදුකරගෙන ගිය පරීක්ෂණ අවසන් කරන තුරු ඇය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේම තැබීමට ඇමති මණ්ඩලයේ ම අනුමැතිය ඇතිව මා තීරණය කළා’ යැයිද අමාත්‍යවරයා පැවසීය.

     මෙරටට මත් ද්‍රව්‍ය ගෙන ඒම අද බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් මේවා ගෙන එන්නේ ගුවනින් හා මුහුදෙන් බවත් එහෙත් රේගුවට අල්ලා ගත හැති වී තිබෙන්නේ මෙරටට එන මත් ද්‍රව්‍ය වලින් 5%ක් වැනි සුළු ප්‍රමාණයක් බවත් පැවසූ ඇමතිවරයා මේනිසා රේගු දෙපාර්තමේන්තුවේ මුහුදු ආරක්ෂක බලකායක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බවත් කීය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආර්.එස්.එම්. සමරතුංග භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.එන්. දේශප්‍රිය යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya