අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝගයක් සහ නියමයක් පාර්ලිමේන්තුවේ දී විවාදයට

    පෙබරවාරි 06, 2019

    වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියමය සහ ණය සහනදායක ආඥාපනත යටතේ නියෝගයක් අද (6)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට්  නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා නියෝගය සහ  නියමය සම්බන්ධයෙන් වූ විවාදය ආරම්භ කළේ ය.

     විදෙස් රටක පුරවැසියෙකු මෙරට දී වැරදි කරුවෙකු වී  ඇත්නම් එම රටට භාරදීමටත් යම් රටක වරද කරුවෙකු වූ ශ්‍රී  ලාංකිකයකු මෙරටට ගෙන්වා ගැනීමටත් මෙමඟින් අවශ්‍ය  නීති ප්‍රතිපාදන ලබාගැනීම වරදකරුවන් භාර දීමේ පනත  යටතේ නියමයෙන් බලාපොරොත්තු වෙයි

    ණය ගෙවීමේ දී,ණය සහනදායි ආඥා පනත යටතේ සිදු  කරන්නේ, උකස් ගිවිසුම්, පොරොන්දු සින්නක්කර වැනි  බැංකු නොවන ආයතනවලින් ලබාගත් මේ යටතට  ගැනේ.මෙහිදී පොලී කප දැමීමට,වාරික වශයෙන් ගෙවීමට  අනුමැතිය ලබේ.එමෙන් ම ණය සහනදායක මණ්ඩලයේ  සාමාජිකයන්ට ගෙවන මුදල් සංශෝධනය කිරීම සිදු  කෙරේ.මෙහිදී සභාපතිවරයට, සාමාජිකයන්ට ගෙවන දීමනා  වැඩි කෙරෙන බවද මෙම අයට ගෞරවයෙන් කටයුතු කිරීමට,  ධෛර්යමත් කිරීමට සාධාරණ ගෙවීමක් සිදු කළ යුතු බවද  කැබිනට්  නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya