අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතට ගිලන් රථ දහයක් ලබා දෙයි

    පෙබරවාරි 06, 2019

    මධ්‍යම පළාතේ රෝහල් 10 ක් සදහා ගිලන් රථ ප්‍රදානය කිරීම අද (6) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු සිදු විය.

    අති නවීන පහසුකම් වලින් සමන්විත මෙම ගිලන් රථයක වටිනාකම මිලියන 15 ක් වන අතර, තවත් ගිලන් රථ 14 ක් ඉදිරි දිනවලදී බෙදා දීම සදහා සූදානම් කොට තිබේ.

    මධ්‍යම පළාත් සභාව මගින් මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ගිලන් රථ ලබාදීමට කටයුතු යොදා ඇති අතර, පළමු අදියර යටතේ ලබාදුන් මෙම ගිලන් රථ 10 පළාතේ දුෂ්කරතම ප්‍රදේශවල රෝහල් සදහා ලබාදීමට කටයුතු යොදා තිබුනි.

    මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මධ්‍යම පළාතේ බොහෝ රෝහල්වල තිබෙන ගිලන්රථ වසර විස්සකටත් වඩා පැරණි බවත්, ඒවා භාවිතා කිරීමේදී ප්‍රායෝගික ගැටළු රැසක් ඇති වූ බවත් පැවසීය.ගිලන් රථ ලබාදුන් මෙම දුෂ්කර රෝහල් ඉතා ඉක්මනින් සංවර්ධනය කොට හොද සේවාවක් ලබාදෙන රෝහල් බවට පත් කිරීමේ වැඩසටහනක්ද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දියත් කරමින් පවතින බවද ඔහු තව දුරටත් පෙන්වා දෙන ලදී.

    මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, තිත්පජ්ජල යන ප්‍රාදේශීය රෝහල් සදහා ගිලන් රථ ලබාදුන් අතර,මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සහ දුෂ්කර රෝහල් වන නාලන්ද, ලෙනදොර සහ සීගිරිය යන රෝහල් වලටද නව ගිලන් රථ ලබා දෙන ලදී. නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඩයගම, දික්ඔය, ඉලුක්කූඹුර, හගුරන්කෙත, සහ ආගරපතන යන රෝහල් වෙත ගිලන් රථ ප්‍රදානය සිදු කරන ලදී.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya