මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉල්ලීම ඉටු කරමින් චීනයෙන් ජල බවුසර් රථ 90ක්

    පෙබරවාරි 06, 2019

    ජනාධිපතිතුමන් විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමකට අනුව ලද ජල බවුසර් රථ 90 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රදානය කිරීම රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (5)  සිදු විය.

    එම අවස්ථවට එක් වූ අමාත්‍යවරයා අඳහස් දක්වමින් මෙසේ සඳහන් කළේ ය.

     

    “අද අපේ රටට විවිධාකරයේ ආපදාවන්ට මුහුනපාන්නට වෙලා තියෙනවා.ඉතිහාසයේ වෙන කවරදාටත් වැඩිය ඒ තත්ත්වය අද තීව්ර වෙලා තියෙනවා.මේ තත්ත්වයට පෙර පැවති අනෙක් රජයන් වලට වඩා අපේ රජයට මුහුණ දෙන්න වෙලා තියෙනවා.මේ දිනෙන් දින ඉහළ යන ස්වාභාවික ආපදාවන්ගෙන බහුතරයකට වගකිව යුත්තේ රටේ ජනතාවයි.ඔවුන් විසින් හිතා මතා සිදුකරණ පාරිසරික විනාශයන් මේ අපාදාවන්ට මුල්වී තියෙනවා.

     කොතරම් ආපදාවන්ට අපි රටක් ලෙස මුහුණ දුන්නත් ආපදාවන්ගෙන් අසරණ වන ජනතාවට අවශ්‍ය කඩිනම් සහන දීමට අපි රජයක් ලෙස බැඳී ඉන්නවා.මම ආපදා කළමනාකරණ අමාත්‍යධූරය භාරගත් ගමන් මට සිදුවුනේ උතුරේ ජනතාවට සහන දීමේ කටයුත්ත කරන්න,අපි ඒ දේ නිවැරදිව කලා.මම මුලින් කිව්ව විදියට මේ ආපදාවන් විශාල වශයෙන් අපි විසින් ලඟා කරගත් දේවල්.අපේ නිලධාරීන් මාව දැනුවත් කල විදියට අපිට දැවැන්තම ප්‍රශ්නයක් වෙන නියඟය මිනිසුන්ගේ පරිසර හිතකාමී නොවන බව නිසාම ඇතිවුන දේවල්.අද කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපාන නියං තත්ත්වයට විශාල වශයෙන් බලපාන්නේ මාඔයේ කරණ නීති විරෝධි වැලි ගොඩ දැමීම් කියලයි වාර්තා වෙන්නේ.අනෙක් දිස්ත්‍රික්ක වලත් මේ තත්ත්වය මෙසේමයි.මම විශ්වාස කරනව මේ විනාශයන් සම්බන්ධයෙන් අපි අමාත්‍යංශයක් විදියට ඉදිරියේදී අනෙක් අමාත්‍යංශත් සමග ඒකාබද්ධ වුන වැඩ සටහනකට යායුතුයි.ජනතාවගේ පාරිසරික අවබෝධය අවම වනතාක් මේ සිදුවන ආපදාවන් අවම කරගන්නට අපිට නොහැකි වේවි.මේ කටයුත්ත සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , ක්ෂේත්‍රයේ විශේෂ දැනුමක් සහිත විද්වතුන්ගේ සහය ලබා ගතයුතුයි ” යැයිද පැවසීය.

     

    මෙහිදී අදහස් පල කළ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා “ අපි අමාත්‍යංශයක් ලෙස ආපදාවට ලක්වන ජනතාවට සහන දීම වගේම අපාදාවන් අවම කරගැනීම සම්බන්ධයෙනුත් විශාල අවධානයකින් කටයුතු කරනවා.අද අපේ රට විතරක් නොවෙයි මුළු ලෝකයම විශාල කාළගුණික , දේශගුණික විපර්යාශයන්ට මුහුණ දෙනවා.මේ ස්වාභාවික ආපදාවන් කළින් හදුනාගෙන ඒවා අවම කරගැනීම සඳහාවූ ක්‍රමෝපායන් කෙරේ අප යොමුවීමේ අවශ්‍යතාවය තදින් දැනෙන යුගයක් මේ කාලය . මේනිසා නවීන තාක්ෂණික භාවිතයක් සිදුකිරීම අත්‍යවශ්‍යම වෙනවා” යැයි පැවසීය.

     

    මෙම ජලබවුසරයක් රුපියල් ලක්ෂ 140 ට වඩා වැඩි වටිනාකමකින් යුක්තය.ජල බවුසර 90 න් බවුසර 50 ක් ලීටර 15000 ක ධාරිතාවයෙන් යුක්ත වන අතර ඉතිරි බවුසර 40 ලීටර 10000න් යුක්ත වේ.

    මෙම අවස්තාවට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya