අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරණ දණ්ඩනය සම්බන්ධ ලිපිගොනු අස්ථානගත වී නෑ- අධිකරණ ඇමතිනි

    පෙබරවාරි 06, 2019

    මරණ දඬුවම සම්බන්ධ කිසිදු ලිපිගොනුවක් අස්ථානගතවී නැතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (5) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

    මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 48 දෙනකු සිරගතව සිටින බවත් ඉන් 30 දෙනකු අභියා‍චනා ඉදිරිපත් කර ඇති බවත් පැවසූ ඇමතිවරිය කිසිඳු ලිපි ගොණුවක් අස්ථානගතවී නොමැති බවත් ප්‍රකාශ ක‍ළාය.

    මරණ දඬුවම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරනුයේ නීතිපති දෙපා‍ර්තමේන්තුව බවත් අවසන් තීරණය ජනාධිපතිවරයා සතුවන බවද ඇමතිවරිය පැවසුවාය.

    මරණ දඬුවම නියම වූ ජාවාරම් කරුවන්ගේ ලිපිගොණු අතුරුදන්ව ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරිය මේ බව සඳහන් කළාය.

    මරණ දඬුවම නියම වූවන් 1242 ක් මේ වනවිට බන්ධනාගාර තුළ සිටින බවත් ඉන් 873 දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇති බවද ඇමතිවරිය පැවසුවාය.එමෙන්ම මරණ දඬුවම නියම වූ කිසිවකු හට 2010 වසරින් පසුව ජනාධිපති පොදු සමාව ලබාදී නොමැති බවත් පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් සමාලෝචන මණ්ඩල ක්‍රියාත්මක වන බවත් ඇමතිවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya