මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙණහළු බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ දී ළඟදීම ආරම්භ කරන බව සුව ඇමැති කියයි

    පෙබරවාරි 06, 2019

    සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සහ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (05) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිනි.

    ඒ අනුව විශේෂ ශ්‍රේණිය වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 13 ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 116 ක්, ඖෂධවේදී 176 ක්, විකිරණ ශිල්පී 41 ක්, විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු 09 ක්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 10 ක්, දන්ත චිකිත්සක 03 ක්, සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 845 ක්, වෛද්‍ය සැපයීම් සහකාර 53 ක්, නිවාස භාරකාරීනී/භාරකරු 131 ක්, ආහාර නිරීක්ෂිකා 54 ක්, ෆෝක් ලිෆ්ට් 07 ක්, උපස්ථායක (පුහුණුව සදහා) 692 වශයෙන් 2150 කට පත්වීම් ලබාදෙන ලදි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “සෞඛ්‍ය සේවාවේ විශාල වෙනසක් සිදු කර තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වුවත් පසුගිය සමයේ රෝගීන්ගෙනුත් මුදල් වැය වුනා. පිළිකා රෝගීන් සදහා රුපියල් ලක්ෂ 15 කට පැවැති ප්‍රතිකාර සීමාව ඉවත් කිරිම නිසා අද වනවිට එක් රෝගියෙක් රුපියල් ලක්ෂ 450 දක්වා ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. වත්මන් රජය බලයට පත්වීම නිසා තමයි එම රෝගීන්ට ජිවිත කාලය පුරාම ප්‍රතිකාර ලබාගැනීමට හැකිවන්නේ. නැතිනම් ඔවුන් මියගොස් එම ස්ථානවල ගසුත් පැළ වෙලා. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිලිවෙල තුලින් රෝගීන්ට විශාල සහනයක් ලැබී තිබෙනවා. නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු අක්ෂි කාච ලක්ෂ 03 ක් බද්ධ කර තිබෙනවා. අවයව බද්ධ කිරීම් ආරම්භ කළ අතර, ඉදිරියේ දී පෙණහළු බද්ධ කිරීම ද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. හෘදයවස්තු බද්ධ කිරීම් 02 ක් සිදු කළ අතර, තුන්වනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි. අංග සම්පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදෙන්නේ ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාවේ උපරිම ප්‍රතිඵල ලබාදීමේ අරමුණින්. සෞඛ්‍ය සේවකයින්ට උපාධිය ලබාදීම සදහා පීඨ ඇති කරමින් වෘත්තිකයින් බිහි කිරීමේ වැඩපිළිවෙළ ද දියත් කර තිබෙනවා. යහපාලන රජය තුල වැඩසටහන් රැසක් දියත් කළත් සිදු වූ ප්‍රචාරය ප්‍රමාණවත් නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝක ප්‍රජාව ප්‍රශංසාවට ලක් කළත්, ලංකාවේ එය ප්‍රශංසා කිරිම ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ පවා දේශණා කළේ “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන්. රජකම ලැබුනත් වැඩක් නැහැ රෝගියෙක් නම්.”

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, වැඩබලන සෞඛ්‍ය ලේකම් ගීතාමනී කරුණාරත්න, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එල්.එම්.බී රහුමාන් මහතා, වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya