අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනා මඩින්න පිටරටින් පෙරමෝන උගුල් විසිදහසක් - අමාත්‍ය පී හැරිසන්

    පෙබරවාරි 06, 2019

    සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

    පසුගියදා මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂ්‍රෙත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    එහිදී පෙරමෝන උගුල මගින් සලඹුවන් උගුලට හසුවන ප්‍රවනතාව පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකල නිරීක්ෂණ සටහනද අමාත්‍යවරයා නිරීක්ෂණය කලේය.

    මූලිකවම දලඹුවා විසින් බඩඉරිඟු, කුරක්කන්, උක්, සෝගම්, මාංශ බෝග හානියට පත්කරන බවත් ගෝවා, බීට්, රටකජු,රතුළූණූ, සෝයා බෝංචි, බී ළූණු, තක්කාලි වගාවන් සදහාද දලඹුවාගෙන් අර්ධ හානි විය හැකි බව නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේය

    බඩඉරිගු වගා කර ඇති හෙක්ටයාර් 82000න් මින් දලඹු හානිය හෙක්ටයාර් 43000ක් බවත් හානියෙන් මෙරට බඩඉරිගු අස්වැන්නෙන් සියයට 10 සිට 20 දක්වා අස්වනු හානිය සිදුවිය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය .

    දැනටමත් බඩඉරිගු හෙක්ටයාර් 6957.5 ක අස්වනු නෙලා අවසන් වී ඇති බවත් මෙම කන්නයට වගා කල බඩඉරිඟු වගාවේ අවම අස්වනු හානියක් වාර්තා වන බව කෘෂි නිලධාරීහු එහිදී අමාත්‍යවරාට කීය .

    කන්නයට සහ යාය එකට වගා කිරිම සදහා ගොවීන් සංවිධානය කිරීම මෙන්ම සේනා දළඹුවා පාලනය සඳහා මාර්ගෝපදේශයක් සකස් කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බවත් මේ වෙනුවෙන් 1996 අංක 35 දරණ ශාඛා ආරක්ෂණ පනතේ නීති හා රෙගුලාසි අනුව කටයුතු කිරිම සිදු කල යුතුව ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂක අනුර විජේතුංග මහතා මෙහිදී පැවැසීය .

    එමෙන්ම සත්ත්ව ආහාර ලෙස බඩඉරිඟු කිරි කරල් පරිහරණය කරන්නන් වෙනුවෙන් ආසාදිත ශාක කැබලි කිරිම සඳහා යන්ත්‍ර හඳුන්වාදීම සිදු කල යුතු බවත් ඒ සඳහා කේෂ්ත්‍ර මට්ටමේ නිර්දේශිත උපදෙස් ක්‍රියාත්මක කල යුතු බවත් පළිබෝධ මර්ධන ආදර්ශන කේෂ්ත්‍ර ස්ථාපිත කිරිමට ද පියවර ගන්නා බව අනුර විජේතුංග මහතා මෙහිදී පැවැසීය.

     දැනටමත් දලඹුවාව භක්ෂණය කරනු ලබන විලෝපිකයන් සිවිදෙනකු හදුනාගෙන ඇති බවත් මෙම ජෛව පරපෝශිතයින් ක්ෂ්‍රෙත්‍රයට මුදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බව එහිදී කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරා අමාත්‍යවරයාට දැන්වීය.

     මේ වන විට මෙම පළිබෝධ හානිය සම්බන්ධයෙන් ඇත්දැකීම් ඇති රටවල් වලින් සහ අන්තර්ජාතික සංවිධන වලින්(FඇO,CඓMMඓඨ්)විද්වත් සහය ලබා ගැනීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි

    පනත අනුව ග්‍රාම නිලධාරි වසම් මට්ටමේ, ගොවිජන සේවා මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ පළිබෝධ පාලන කමිටු සඳහා නිතීමය බලතල ලබාදීමට කටයුතු කරන බව ද මෙහිදී අමාත්‍යවරයාට ඔවුන් පැවැසීය .

    පලිබෝධකයාගේ බිත්තර විනාශ කිරිම සඳහා ආරෝපිත විසුරුම් ක්‍රම භාවිතාකොට කෘමි නාශක ඉසීමත් හඳුන්වා දුන් තාක්ෂණ වලට ගොවීන් අනුගත කිරීමත් ගොවීන් සදහා උපදේශණයත් සිදු කිරීම තම අපේක්ෂාව බව කෘෂි නිලධාරීන් මෙහිදී කීය.

    ඉදිරියේදී ප්‍රතිරෝධී ඩඉරිඟු අභිජනනය කිරිම හා එම ප්‍රභේද අප රටට හඳුන්වාදීම සිදුකරන බව දෙපාර්තමේන්තුව පවසයි .

    සේනා දළඹුවා සඳහාම දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන් 2018 දෙසැම්බර් මාසයේ සිටම ක්‍රියාත්මක කිරිම තුලින් තත්වය පාලනය කිරීමට හැකියාවන් ලැබුනු බව දෙපාර්තමේන්තුව පවසයි .

    හදුනාගත් දලඹුවා මර්ධනය වෙනුවෙන් භාවිතාකරනු ලබන කෘමිනාශක ප්‍රමාණයෙන් හරි අඩක් නොමිලේ ලබාදීම ද මේවන විටත් ක්‍රියාත්මකය.

    මේවන විට දලඹු හානිය යම් මටටමකට පාලනය වී ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.

     මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර . කෘෂි කර්ම අධ්‍යක්ෂක ජනරාල් ඩබි එමි ඩබි වීරකෝන් මහතා මෙන්ම කෘෂි විද්‍යාඥයින්ද එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya