අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි පිටි සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවෙන් තීරණයක් ගන්නවා- නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ

    පෙබරවාරි 05, 2019

    කිරිපිටි මිල ගණන් සම්බන්ධයෙන් ලබන සතියේ රැස්වෙන ජීවන වියදම් කමිටුවේ දී ගැඹුරු තීරණයක් ගැනීමට නියමිත  බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් අද (5) පාර්ලිමේන්තුවේ දී විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව පැවසී ය.

    කිරිපිටි හිඟයක් මේ වනවිට ඇති වී තිබෙන බවත් ඒ පිළිබඳව ගන්නා පියවර කුමක් දැයි මන්ත්‍රී විජිත හේරත් මහතා විමසා සිටියේ ය.

    කිරිපිටි සමාගම් දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා,ලබන සතියේ රැස්වෙන ජීවන වියදම්  කමිටුවේ දී මේ පිළිබඳව තීරණයක් ගන්නා බව පැවසී ය.
    කිරි පිටි සමාගම් කියන ආකාරයට අමාත්‍යාංශය හෝ  පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු නොකරන බවද පැවසී ය.
    සමහර කිරිපිටි සමාගම් කිරිපිටි නාමයෙන් ගෙන්වන ඇතැම් නිෂ්පාදන වල ඌරු තෙල් හා ලැක්ටෝස් වැනි ද්‍රව්‍ය  තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    සමහර කිරිපිටි සමාගම් සමහර පරීක්ෂණ යටපත් කරන්න හදනවද කියලා සැකයක් තිබෙනවා. කිරිපිටි සමාගම් ගැන අවධානය යොමු කර පරීක්ෂණ කරගෙන යනවා. මේ පිළිබඳව වෙනත් රටකින් හෝ පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වෙනවා.  පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හෙට හමුවෙනවා'. ලෝකය පිළිගත් ආයතන හරහා පරීක්ෂණ කරනවා. කොන්දේසි විරහිතව කටයුතු කරනවා''යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya