අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය සඳහා සයුරළ නෞකාව පකිස්ථානය බලා පිටත්වෙයි

    පෙබරවාරි 05, 2019

    පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.

    මෙම නෞකාව වරායෙන් පිටත්වීම නාවික හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙයෙහුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගී විය. එහිදී, ජ්‍යේෂ්ඨ නිලධාරින් විසින් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් (කිමිදුම්) ඉසිර කාසිවත්ත මහතා ඇතුළු නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී.

    නෞකාවේ සමස්ථ කාර්යය මණ්ඩලය 170 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 28 දෙනෙකු සහ නාවිකයින් 142 දෙනෙකු ද ඇතුළත් වන අතර,  නෞකාව පෙබරවාරි 07 වන දින පකිස්ථානයේ කරච්චි වෙත ලඟා වීමට නියමිතය.

    බහුපාර්ශවික අමාන් පුහුණු අභ්‍යාසය 2019 පෙබරවාරි මස 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පැවැත්වෙන අතර, එහිදී තොරතුරු හුවමාරුකර ගැනීම, අන්න්‍යෝන්‍ය අවබෝධය සහ සහභාගීත්ව, නාවික කටයුතු සඳහා පොදු අවශ්‍යතාවයන් හඳුනාගැනීම, සාගර ආරක්ෂක මෙහෙයුම්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සහ මානුෂීය ආධාර මෙහෙයුම් ආදි වූ අභ්‍යාස රැසක් සිදු කරනු ලබයි. එමඟින් විදේශිය නාවික හමුදාවන් සමඟ අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, ඒතුළින් අප හට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත. ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මැලේසියාව, මාලදිවයින, නයිජීරියාව, පිලිපීනය, කටාර්, රුසියාව ඇතුළුව රටවල් 44 ක නාවික හමුදාවන්වලට  අයත් නෞකාවන් සහ ගුවන් යානා විශාල ප්‍රමාණයක් මෙම අභ්‍යාසය සඳහා සහභාගීවිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya