අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් යළි ඉන්දියාවට භාරදෙයි

    පෙබරවාරි 05, 2019

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් යලි එරටට භාර දීම පෙබරවාරි 03 දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

    තවද, මෙම ට්‍රෝලර් යාත්‍රා ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබූ අතර, එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා ඉන්දියානු ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. ඒ අනුව, එම ට්‍රෝලර් යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එරට බලා පිටත් වන ලද අතර, එම ට්‍රෝලර් යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් එක් විය. ඒ අනුව, ඔවුන් අද සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රානී දූර්ගාවතී’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya