අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් දින පණිවුඩය-ශක්තිමත් ආර්ථිකයක්,ස්ථාවර රාජ්‍යයක්,සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කරමු

    පෙබරවාරි 04, 2019

    “නිදහස” වඩාත් අර්ථවත්වීමට නම් යම් දේශයක, ජන  සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම අධ්‍යාත්මික  සංහිදිම අයත් කරගත යුතුය. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනා ගත හැක්කක් නොවේ. ඒ  සඳහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැපකිරීමක් අත්‍යවශ්‍ය.බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදී තිබෙන ජාතික දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    “නිදහස” වඩාත් අර්ථවත්වීමට නම් යම් දේශයක, ජන  සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම අධ්‍යාත්මික  සංහිදිම අයත් කරගත යුතුය. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනා ගත හැක්කක් නොවේ. ඒ  සඳහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැපකිරීමක් අත්‍යවශ්‍යය.

    දීර්ඝකාලීනව අප රට යටත්ව පැවති විදෙස් පාලනයෙන්  නිදහස ලැබීම සමරනු ලබන නිදහස් දිනය වාර්ගික, ආගමික අගතීන් පරාජය කළ, අතික්‍රමණය  කළ “ජාතික නිදහස” වඩාත් අර්ථවත් කරන සමාජ වෙනසකට මඟපාදන කතිකාවක් සහ  ක්‍රියාකාරීත්වයක් සඳහා කදිම අවස්ථාවකි. 

    යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව විවිධ බාධා සහ  අභියෝග මැද නව සමාජ, දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ද, ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් කිරීම සඳහා යම් පියවර ගැනීමට ද අපට හැකි විය. එහි යහපත් ප්‍රතිඵල අපි  සමාජයක් ලෙස අත්දකිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී, අන්තගාමී බලවේගවලට එරෙහිව  අපට ශක්තියක් වූයේ එකී යහපත් සමාජ වෙනස්කම්ය.


    71 වන ජාතික දිනය සමරන මේ අවස්ථාවේ, දියුණු සමාජ,  දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්දකින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා  ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කිරීමට ඔබ  සැමට ඇරයුම් කරමි.''

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    2019 ජනවාරී 31

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya