අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැදවියන් පුනරුත්ථාපනයට විශේෂිත වැඩ පිළිවෙළක්

    පෙබරවාරි 04, 2019

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පසුගිය දා බදුල්ල බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

    බන්ධනාගාරය වෙත පැමිණි අමාත්‍යවරිය බන්ධනාගාර නිලධාරීන්ට පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කළ අතර ඒ සඳහා කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කළාය. බන්ධනාගාර තුළ රඳවා සිටින රැදවියන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලු අමාත්‍යවරිය සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.


    මත් ද්‍රව්‍ය සඳහා යොමුව සිටින රැදවියන් පුනරුත්ථාපනයට විශේෂිත වැඩ පිළිවෙළක් ඉදිරියේදී දියත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය. බදුල්ල බන්ධනාගාරය මෙරට බන්ධනාගාර අතරින් විශේෂිත බන්ධනාගාරයක් වන අතර එයට හේතුව වන්නේ වීර කැප්පෙට්ටිපොළ, ගොන්ගාලේ ගොඩ බණ්ඩා වැනි ජාතික වීරයන් ද රඳවා තබා ඇත්තේ මෙහි වීම නිසාවෙනි. ජාතික වීරයන් රඳවා තබා සිටි බවට වු ඉතිහාසගත තොරතුරු නිරීක්ෂණයට ද අමාත්‍යවරිය එක් වුවාය. මීට අමතරව ඇන්.ඇම්.පෙරේරා, රෝහණ විජේවීර වැනි දේශපාලඥයින් ද මේ බන්ධනාගාරය තුළ රදවා තබා තිබේ.

    මෙම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya