මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවැරදි රාජ්‍ය පිළිවෙත නිසා අපනයනය ඉහළ ගියා - ඇමති මලික් සමරවික්‍රම

    පෙබරවාරි 04, 2019

    දිනෙන් දින ලෝකයේ වර්ධනය වන අතිශය තියුණු තරගකාරීත්වය පරදා මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ අපනයනය සීඝ්‍රයෙන් වර්ධනයකට යොමු කරගත හැකි වූයේ වත්මන් රජයේ සවිබල ආර්ථික ප්‍රතිපත්ති නිසා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජ්‍යාත්‍යන්තර වෙළෙදාම පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය.

    ගෝලීය වාතාවරණයක් තුළදී ලෝකයේ සියලු රටවල ආර්ථික සංවර්ධනය අන්තර්ජාතික වෙළෙදාම මත රදා පවතින බව තේරුම් ගෙන රජය එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ යැයි ද ඇමතිවරයා කීය.

    අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 17වන අපනයන සමුළුවෙහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් මේ බව පැවසූ සමරවික්‍රම මහතා මෙරටේ අපනයන ආර්ථිකය දියුණු කරමින් ඉමහත් කාර්ය භාරයක් ඉටු කළ බවද කීය.

    විවිධාංගීකරණය කළා වූ අපනයන රටාවක් ඇති කිරීම, අපනයන භාණ්ඩ හා සේවාවන් අගය එකතු කිරීම, අපනයනයට නීතිරීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැනි වර්ධනීය පියවරයන් රැසක් ගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්තෙ, සංවර්ධන උපාය මාර්ග හා ජ්‍යාත්‍යන්තර වෙළෙදාම පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයනකරුවන් රාශියක් මෙහිදී පැවති සාකච්ඡාවට සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya