මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ පැල්පත් වාසීන්ගේ නිවාස ප්‍රශ්නය 2024දී අවසන් කරනවා-ඇමති පාඨලී චම්පික රණවක

    පෙබරවාරි 03, 2019

    කොළඹ පැල්පත්වාසී ජනතාවගේ නිවාස ප්‍රශ්නය 2024 වනවිට සම්පූර්ණයෙන්ම විසඳන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි .

    1958සිට 2014 දක්වා වූ කාලය තුළ පැවති ආණ්ඩු මගින් කොළඹ පැල්පත්වාසීන් සඳහා ඉදිකොට තිබුණේ නිවාස දස දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණි. ගත වූ තුන් වසර තුළ වර්තමාන ආණ්ඩුව නිවාස පහළොස් දහසක් ඉදි කොට ඇත .

    2020 දී තවත් නිවාස 20,000 ක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේ, සිය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කොට ඇති සුඛිත පුරවර වැඩ සටහන පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් සභා ,පළාත් පාලන ආයතන හා මහජන සංවිධාන වල නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා පැවති පැවැති සම්මන්ත්‍රණයක දී ය.

     

    බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ඊයේ පැවති මෙම සම්මන්ත්‍රණයේ දී තවදුරටත් අදහස් දැ වූ චම්පික රණවක ඇමතිවරයා යෝජිත පරිපාලන නගරය වන බත්තරමුල්ලේ කාර්යාල සංකීර්ණ තුනක් ඉදි කොට කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය ආයතන බත්තරමුල්ලට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව ද කීය . කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ අතර වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් හඳුන්වා දීමේ අරමුනින් මාලබේ සිට කොළඹ වරාය නගරය දක්වා සැහැල්ලු දු,ම්රිය සේවාවක් ජපන් රජයේ ආධාර ඇති ව ආරම්භ කෙරේ .එහි ඉදි කිරීම් කටයුතු මේ වසරේ ආරම්භ කෙරෙන අතර පිට කොටුව ,බත්තරමුල්ල , කොට්ටාව හා කඩවත කේන්ද්‍ර කැර ගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවන බව ද ඇමතිවරයා කීය .

     

    බස් මගීන්ට සුව පහසු ඇතිව ගමන් කිරීම සඳහා සුඛෝපභෝගී බභෝගී බස් රථ සේවාවන් ආරම්භ කිරීම පිණිස පෞද්ගලික බස් හිමිය ට එන්ටෙර්ප්‍රිසෙ ස්‍රි ලන්ක වැඩ සටහන යටතේ සුඛෝපබෝගී බස් රථ මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් සහන ණය ලබා දීමට මේ වන විටත් විට පියවර ගෙන ඇත . මේ අතර කොළඹ නගරයේ කැලි කසල බැහැර කිරීම සඳහා පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ඉදි කොට ඇති කසල අංගනය මාර්තු 15දා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ද පාඨලී චම්පික රණවක මහතා කී ය .

     

    කොළඹ වරාය නගරය ගැන සඳහන් කළ ඇමතිවරයා එහි පළමු අදියර 2020දී ආරම්භ කරන බවත් ඒ යටතේ ජාත්‍යන්තර බැංකු ,ජාත්‍යන්තර පාසලක්හා ජාත්‍යන්තර රෝහලක් ද පිහිටුවන බව ද පැවැසී ය ඒවා ඉදි කිරීමට ජාත්‍යන්තර ආයෝජකයන් ඉදිරිපත්වී සිටින බව ද රණවක මහතා තව දුරටත් කීය . ම හනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ ,හා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya