අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා මධ්‍යම පළාත් සියළු අමත්‍යාංශ නිරීක්ෂණය කරයි

    පෙබරවාරි 02, 2019

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මධ්‍යම පළාතේ සියළු අමාත්‍යංශ දෙපාර්තමේන්තු සහ අධිකාරිවලින් සිදු කෙරෙන මහජන සේවාවන් සහ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ.

    එම වැඩසටහන යටතේ ඉකුත් දා  මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය නීරික්ෂණය කිරිමේ නිරික්ෂණ චාරිකාව නිරත වූ ආණ්ඩුකාරවරයා තම විසින් ක්‍රියාත්මක කරන දින සියයේ වැඩසටහන යටතේ කඩ්නම් කළ යුතු කාර්යන් පිළිබඳ අවධාණය යොමු කර ලදි.

    පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කඩිනම් කිරිමට යෝජිත මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරිමේ වැඩසටහන පිළිබද මෙහිදී දීර්ග වශයෙන් සාකච්ඡා කළ අතර, රුපියල් මිලියන 40 ක වියදමින් ක්‍රියාත්මක වන රජපිහිල්ල මාවත කාපට් කර සංවර්ධනය කිරිම කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් ද එහිදී ලබා දෙන ලදී. මීට අමතරව රුපියල් මිලියන් 50 ක වියදමින් ක්‍රියාත්මක ගොරකදෙණිය දෙහිදෙණිය මාර්ගය කාපට් කර සංවර්ධනය කිරිම කඩිනම් කරන ලෙසද නිලධාරින්ට උපදෙස් ලබා දුන් ආණ්ඩුකාරවරයා හැකිතාක් විකල්ප මාර්ග සංවර්ධනය කිරීම තුළින් මාර්ග තදබදයට සැලකිය යුතු විසදුම්ක් ලබා දිය හැකි බවද පෙන්වා දෙන ලදී.

     

    මීට අමතරව මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ජනතා අයිතියට පත් විමට නියමිත බෝගම්බර බස් නැවතුම්පලේ මගි ප්‍රවාහන අධිකාරියේ කාර්යාල සංකීරණයේ මෙයුම් පාලන මැදිරිය ක්‍රියාත්මක කිරිම, එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක මාවතේ ඉදිවන මගී ආවරණ 04, ටොරින්ටන් බස් නැවතුම්පල සහ ඔරලෝසු කණූව අසල බස්නැවතුම්පල කඩිනමින් කළ යුතු බව මෙහි දි ආණ්ඩුකරවරයාගේ අවධානයට යොමු විය.

    සංවර්ධන කටයුතු පිළිබද කෙරුණු සාකච්ඡා වලින් අනතුරුව. කාර්යමණ්ඩල නිලධාරින් සමඟ සුහද කථාබහකද නිරත වීමටද ආණ්ඩුකාරවරයා අමතක කළේ නැත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya