අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් එහි දී ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීම සඳහා බව ජනපති පවසයි

    පෙබරවාරි 02, 2019

    හොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එහි දී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටු කර ගැනීමේ වෙනසක් නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ පැවැති පුණ්‍යෝත්සවයකට ඊයේ (31) පස්වරුවේ එක් වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ අද ඇතැමුන් කතා කළත් තමා අතට තවමත් එවැන්නක් පත්වී නොමැති අතර ඒ පිළිබඳ දැනුවත්වීමක් ද සිදු වී නොමැති බවයි. ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කිරීම එක් පැත්තකින් දකුණේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීමක් වන අතර අනෙක් පැත්තෙන් උතුරේ ජනතාව රැවටීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් එහි ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා තම සහයෝගය හිමිවන බව ද කියා සිටියේය.

    ශක්තිමත් පාර්ලිමේන්තුවක් නොමැතිවීමේ අනිසි ප්‍රතිඵලය වන්නේ රටේ අනාගතය සඳහා අවශ්‍ය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමට නොහැකිවීම මෙන්ම දේශපාලන ස්ථාවරත්වය ද අඩපණ වීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    නව උපක්‍රම ඔස්සේ විවිධ විදේශීය බලවේග අද මාතෘ භූමියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා තමා විසින් ක්‍රියාවට නංවා ඇති දේශහිතෛෂි ජාතික වැඩපිළිවෙළ විවේචනයට ලක් වන්නේ ද එම අතපෙවීම් හේතුවෙන් බව කියා සිටියේය. තමන්ගේ ආණ්ඩු බලය පවත්වාගෙන යාමට සහ තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට යමෙකු විදේශීය බලපෑම්වල ශක්තිය භාවිත කරන්නේ නම් එය මේ රටේ ස්වාධීනත්වයට සහ පැවැත්මට කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ සංහිඳියාව සහ ජාතික සමඟිය ඇති කරන මෙන්ම සියලු ජනතාව අතර සැක, බිය තුරන් කරන දේශපාලන ක්‍රමයක් සහ සමාජ වටපිටාවක් ගොඩනැගීම අද දවසේ සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උපෝසථාගාරය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (31) පස්වරුවේ මෙලෙස පැවැත්විණි.

    අවුරුදු 113 ක් පැරණි උපෝසථාගාරයේ අත්තිවාරම මත ඉදිවන තෙවැනි ගොඩනැඟිල්ල ලෙස මෙම නව උපෝසථාගාරය ඉදිකර තිබෙන අතර, ඉපැරණි බෞද්ධ සම්ප්‍රදායට අනුගත ව කළුගල් කුලුනු මත එය ඉදිකර තිබේ.

    ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය උඩුවේ හේමාලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ඉතාලියේ, මිලානෝ හි ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික හිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් ඉතාලියේ මිලානෝ හි පදිංචි ඇන්තනී පෙරේරා මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම නව උපෝසථාගාරය ඉදිකර තිබේ.

    ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව උපෝසථාගාරය සඟ සතු කොට පූජා කළ අතර එහි ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරය ද සිදු කළේය.

    ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලී නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය දයා ගමගේ, ඉසුර දේවප්‍රිය, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ‍්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ පැවැති පුණ්‍යෝත්සවයකට එකවෙමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-01-31

    මේ ඓතිහාසික භූමියට පැමිණ පින්වත් කටයුත්තට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. ගොඩනැගිලි ශිල්පයේ දක්ෂතාවයන් පෙන්නුම් කරමින් නව උපෝසථාගාරයක් ආකර්ෂණීය බුද්ධ ප‍්‍රතිමා වහන්සසේ නමක් ස්ථාපිත කරමින් මෙම ඉදිකිරිම නිමකර තිබෙනවා. නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කළ ආකාරයට මේ ගොඩනැගිල්ල හැදීමට මූලික පියවර ගත් ඒ දානපතියන් සියලු දෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. අපේ රටේ බෞද්ධ ඉතිහාසය පිළිබ`දව අපට අවබෝධයක් තිබෙනවා. පෙර රජ දවස සිට පැවත එන රජමහා විහාර උතුම් පූජනීය ස්ථාන බව ඔබ දන්නවා. ඒ නිසා ගමේ පන්සල ශක්තිමත් කිරීම, පෝෂණය කිරීම, ආරක්ෂා කිරීම අපි කාගෙත් යුතකුමක්. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය බවට පත්ව තිබෙන ශ‍්‍රී ලංකාව ලෝකයට දෙන ආදර්ශය නම් බෞද්ධ රටක් විදියට බෞද්ධ ප‍්‍රතිපත්ති පිළිපදින ජනතාවක් සිටින රටක් වීම බව ඔබ අප දන්නවා.

    නමුත් විවිධ සංස්කෘතීන්, විවිධ ආර්ථික ක‍්‍රම සමග අපේ බෞද්ධ දර්ශනයට බෞද්ධ සංස්කෘතීයට අපේ හැදියාවට නව අභියෝග එල්ල වී තිබෙනවා. මා හිතනවා ඒ සියල්ලට ශක්තිමත් පිළිතුර වන්නේ බෞද්ධ දර්ශනය ශක්තිමත් කිරීම ස`දහා යහපත් චරිතවත් ජීවිත සමග අපි අපේ සමාජය ශක්තිමත් කිරීම කියලා මා විශ්වාස කරන්නේ. රජයේ ප‍්‍රතිප්තතිය තුළ පූජනීය ස්ථාන, නටබුන්, පූජා භූමි, කෞතුක වස්තූන් ඒ සියල්ල ආරක්ෂා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපි බැ`දී සිටිනවා මෙන්ම එය අපේ වගකීමක් සහ යුතුකමක් වෙනවා.

    අපේ ගෞරවනීය අස්ගිරි පාර්ශ්වීය මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවේ දීත් මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවේදීත් ස`දහන් කරන කරුණුවලට මම පිළිතුරක් දීම අවශ්‍යයි කියලයි මම හිතන්නේ. මේ අලූත් ව්‍යවස්ථාව හැදීම වසර 04 ක් තිස්සේ මේ රටේ ජනතවාගේ මනස අවුල් කරන අවුලක් විදියටයි මම දකින්නේ. වසර 4 ක් කතා කරපු දෙය මම හිතන්නේ නැහැ මේ මැතිවරණයක් පවත්වන්න තියෙන අලූතින් ආණ්ඩු අලූතෙන් පත්කරන්න තියෙන වසරක එය කළ හැකියි කියලා. ඒ වගේම මේ කියන විදියේ ව්‍යවස්ථාවක් මගෙ අතට පත් වෙලත් නැහැ. කොයි ආකාරයෙන් හදලා තියෙනවාද කියලා මම දැනුවත් වෙලත් නැහැ. පාර්ලිමේන්තුවෙ තමයි මේ ගැන කමිටු පත්කරලා පසුගිය වසර හතරේ දීම කටයුතු කෙරී තිබෙන්නේ. පසුගිය මාසේ අපි දැක්කා ඊට අදහස් දැක්වු සහ විවිධ අනු කාරක සභාවල වාර්තා පාර්ලිමේන්තුවට ගෙනත් ඉදිරිපත් කළා. මේ ව්‍යවස්ථාව ගැන වසර 4 ක් කතා කිරීම අපේ හාමුදුරුවනේ මම දකින්නේ එක් පැත්තකින් දකුණේ ජනතාව නොසන්සුන් කිරීමක් තවත් පැත්තකින් උතුරේ ජනතාව රැුවටීමක් කියන එකයි. ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තිබෙනවා ඒ අවශ්‍යතාවය මම නම් දකින්නේ අපේ රටේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිිරීමේ අවශ්‍යතාවය විදියටයි. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩු කරන්න පු`එවන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීම කියලයි මම විශ්වාස කරන්නේ. ඒ ස`දහා නම් මගේ සහයෝගය තිබෙනවා. ඔබ දකිනවා පාර්ලිමේන්තුවේ 225ක මන්ත‍්‍රී නියෝජනයේ ව්‍යුහාත්මක තත්ත්වය. අද කිසි කෙනෙකුට බලයක් නැහැ.

    කාටවත් ආණ්ඩුවක් කරන්න බැරි මේ මැතිවරණ ක‍්‍රමය තුළ පත් වෙලා එන මන්ත‍්‍රීවරුගෙන් තනි ආණ්ඩුවක් හදන්න බැරි බහුතරයක් නැති ආණ්ඩුවක් අදත් මේ රටේ තියෙන්නේ. ඉදිරියටත් බොහෝ විට මේ ආකාරයෙන් තියෙන්න බැරිකමක් නැහැ. මෙහි අනිසි ප‍්‍රතිඵලය වෙන්නේ රටේ අනාගතය ස`දහා සුදුසු තීන්දු තීරණ ගන්න නායකයින්ට නොහැකි වෙනවා. ඒ වගේම කවුරු හෝ ආණ්ඩු කරන අයට ඔවුන්ගේ බලය පවත්වාගෙන යාම ස`දහා තමන්ගේ බලය ශක්තිමත් කර ගැනීම ස`දහා විශේෂයෙන් සු`එ පක්ෂ විසින් ඉල්ලන ඕනෑම ඉල්ලීමක් දෙන්න සිදු වෙනවා ආණ්ඩුව රැුක ගැනීම ස`දහා. මේ අපි වගේ රටකට සුදුසු දෙයක් නෙවෙයි. පවතින් ආර්ථික ක‍්‍රමය, දේශපාලන ක‍්‍රමය, අන්තර්ජාතික බලපෑම් කිසිම දවසක නැති ආකාරයෙන් අද තිබෙනවා. 1505 සිට 1948 සිට මේ රටට තිබුණු ජාත්‍යන්තර ආක‍්‍රමණ විදේශීය බලපෑම්වලින් පසුව පසුගිය වසර දෙක තුනක කාලය තරම් නව උපක‍්‍රම මත දැඩි විදේශීය බලපෑම්, අත පෙවීම් තිබුණු කාලයක් නැති තරම්.

    මම ගන්නා වූ යම් යම් තීරණ මත මාව දැඩි ලෙස විවේචනයට ලක්වන වන්නේත් මේ විදේශීය දේශපාලන බලපෑම් බවයි මම හිතන්නේ. අපි නිදහස් හා ස්වාධීන රටක් විදියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින රටක් විදියට මේ රටට විදේශීය බලපැම්, අනවශ්‍ය අතපෙවීම්, තර්ජනයන් කිසිසේත්ම සුදුසු නැහැ කියන එක ඔබවහන්සේලා ප‍්‍රමුඛ මේ රටේ සමස්ත ලාංකික පිරිසම පිළිගන්නවා. නමුත් ආණ්ඩු බලය පවත්වාගෙන යන්න ආණ්ඩු කරගෙන යන්න තම තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ගන්න විදේශීය බලපෑම්වල අත්පෙවීම් වල ශක්තිය භාවිතා කරන්වා නම් කව්රුන් හරි එය මේ රටේ ස්වාධීනත්වය හා රටේ පැවැත්මට දේශපාලන ස්ථාවරත්වයට කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ රටේ සියලූ පුරවැසියන්ට දේශපාලන පක්ෂ භේදයකින් තොරව වගකීමක් තිබෙනවා මේ රටේ අද ජීවත්වන ජනතාවටත් හෙට උපදින දරුවන් වෙනුවෙනුත් හිතලා හො`ද රටක් හදන්න ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනස විනා ඉන් එහා නොයා යුතු බවයි මගේ පෞද්ගලික අදහස. ඒ නිසා මා පෙර කී පරිදි ඔබ කියන ව්‍යවස්ථාවක් මගේ අතට පත්වෙලත් නැහැ.

    මම ඒකයි කිව්වේ උතුර රවටමින් දකුණ නොසන්සුන් කරන වැඩපිළිවෙළක් මේ වසර 4 තුළ දී ම මම දැක්කේ. මේ වසරේ ඔය කියන දේ කෙරෙයි කියලා මට විශ්වාස කරන්න බැහැ. මේ වසරේ අනිවාර්යෙන් පළත් සභා මැතිවරණය තියන්න ඕනෑ. මේ වසරේ අග අනිවාර්යයෙන් ජනාධිපතිවරණයත් තියන්නට ඕනෑ. බොහෝ විට ඒ අනුව මහ මැතිවරණයක් එන්නත් බැරි නැහැ. ඒ කෙසේ වෙතත් මේ සියලූ තත්ත්වයන් තුළ රටට යහපතක් විය යුතුයි. මේ රටේ සියලූ ජනතාවගේ සංහි`දියාව සහ ජාතික සමගිය ඇතිකරන සියලූ දෙනා අතරේ සැකය, බිය, තුරන් කරන දේශපාලන ක‍්‍රමයක් සහ සමාජ වටපිටාවක් ඇති කිරීම ඉතාම අවශ්‍යයි. ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි – ධර්මයෙන් ජීවත්වන්නා ධර්මය විසින් සැමවිටම ආරක්ෂා කරන බවට වු උතුම් ධර්ම පදය සිහිපත් කරමින් ඔබෙන් සමුගන්නවා.

    ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya