අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධානපෙලේ වී මොල් හිමියන් සමඟ සාකච්ඡාවක්

    පෙබරවාරි 01, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රධානපෙලේ වී මොල් හිමියන් සහ කුඩා ප්‍රමාණයේ වීමෝල් හිමියන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡවක් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ව්‍යාපාරිකයා මෙන්ම පාරිභොගිකයා සුරැකීම උදෙසා නව සහල් මිල අප්‍රේල් මස සංශෝධනය වන බවට මෙම සාකච්ඡාවේ දී සහල් සමාගම් එකඟ වී ඇත. කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට සහල් සමාගම් ඇතුලු සහල් නිපැයුම් සමාගම් කිහිපයක හිමිකරුවන් සාකච්ඡාවට එක්විය.

    එහිදී මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා සිය පුද්ගලික ගබඩාවන්හි රජය විසින් පනවන ලද මිල ගනන් තම ආයතන ඉදිරිපිට ප්‍රදර්ශණයට ද සමාගමි සිය කැමැත්ත පල කළේ ය. ඒ අනුව සමිබා කිලෝවක් රු 41 ටද නාඩු කිලෝවක් රු 38 ද මිලට ගැනීමට සමාගම් එකග විය

    නියමිත ප්‍රමිතියට ගොවීන් විසින් වී ගබඩා වෙත ලබා දෙනු ඇතැයි සමාගම් අපේක්ෂා කරන අතර ඇතැම් ගොවීන් තෙත බරට කමතේදීම වී විකිණීම තම නිෂ්පාදන කටයුතු සදහාද බාධාවක් බවත් ගොවීන්ද තෙත සහිත වී අලෙවිකිරීම හේතුවෙන් වී වියලීම සදහා යන්ත්‍ර වෙනුවෙන් අමතර මුදලක් දැරිය යුතු බව සමාගම් පෙන්වා දුන්නේය.

    මෙවර මාස් කන්නය සදහා වී මිලට ගැනීම වෙනුවෙන් රජය වී මෝල් හිමියන් වෙත රුපියල් බිලියන 22ක මුදලක් ණය කර වශයෙන් රාජ්‍ය බැංකු මගින් ලබා දීමට අවශ්‍ය කටයුතු තමන් මැදිහත්ව සිදු කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සමාගම් වෙත කීය මෙම අවස්ථාව අමාත්‍ය හර්ෂ ද සිල්වා අමාත්‍යාංශ ලේකම් සහ වී අලෙවි මණ්ඩලයෙහි නිලධාරීන්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya