මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණුවීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්

    පෙබරවාරි 01, 2019

    විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම් සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට ජාතික සමාජ සංවර්ධන ආයතනය කටයුතු යොදා ඇත.

    ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමඟින් දැනටමත් සාර්ථක සාකච්ඡා කිහිපයක්ම පවත්වා අවසන්ය.

    තරුණ, ළමා හා වැඩිහිටි රැකවරණය පිළිබද පාඨමාලා සඳහා බෙල්ජියමේ Lenven, Limburg විශ්වවිද්‍යාලය සමඟ ද දේශිය වෛද්‍ය විද්‍යාව හා සමාජ වැඩ සම්බන්ධ ඩිප්ලෝමා සඳහා කොරියාවේ Daegu Haany විශ්වවිද්‍යාලය සමඟින් ඉදිරියේ දී අවබෝධතා ගිවිසුම් වලට එළැඹේ.

    වැඩිහිටි රැකවරණය පිළිබඳ පාඨමාලා හා පර්යේෂණ සදහා ජපානයේ ටොකායි විශ්වවිද්‍යාලය සේම, සමාජ වැඩ ශ්‍රාස්ත්‍රපති උපාධි හදාරණ සිසුන් හා පීඨ මණ්ඩලය වෙනුවෙන් ක්ෂේත්‍ර අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාවේ ටාටා ආයතනය හා චෙන්නායි විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුම් වලට එළැඹීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya